×

මසකට වැඩි කාලයක් 17 දෙනෙක් 11 හැවිරිදි ඉන්දියානු දැරියක් දූෂණය කරයි.

පසුගිය ජූනි මාසයේ තෝමස් රොයිටර්ස් පදනම විසින් සිදු කළ සමීක්ෂණයකදී අනාවරණය කළේ ලෝකයේ කාන්තාවන් සඳහා අවම රැකවරණයක් ඇති රට ඉන්දියාව බවයි.


17 දෙනෙකු විසින් 11 හැවිරිදි දැරියක් මසකට වැඩි කාලයක්  ලිංගිකව දූෂණය කර ඇති  පුවතක් ඉන්දියාවේ චෙන්නායි නගරයෙන් වාර්ථා වේ.

මෙම අපරාධය සිදු ව ඇතිතේ චෙන්නායි හී කිල්පාවුක් දිස්ත්‍රික්කයේදීය. දූෂණයට ලක් වූ දැරය ජීවත් වූ ගොලනැගිල්ලේම සේවය කළ ආරක්ෂක අංශයේ සහ පිරිසිදු කරන්නන් පිරිසක් විසින් මෙම අපරාධය සිදු කර ඇත.

මීට ඉහතද දී පසුගිය මැයි මාසයේදීද 16 හැවිරිදි දැරියක් පසු දෙනෙක් විසින් දූෂණයට ලක්කර ගිනි තබා ඝාතනය කර තිබූ අතර මෙම මාසයේදීම පාසැල් විදුහල්පතිවරයෙකු සහ ගුරුවරුන් දෙදෙනෙක් විසින් දෙවතාවක් 15 හැවිරිදි දැරියක් සහ තවත් බාලවයස්කාර දරුවෙක් දූෂණයට ලක් කළ බව වාර්ථා විය.

පසුගිය සතියේ ඉන්දියාවේ පාලක පක්ෂය වන භාරතීය ජනතා පක්ෂයේ සාමාජිකයින් පිරිසක් විසින් දැරියක බලහත්කාරයෙන් මත්කොට   අමානුෂිකව දූෂණය කර මරා දමා තිබිණි.

2016 වසරේ වාර්ථාවලට අනුව සාමාන්‍යයෙන් 100කට ආසන්න කාන්තාවන් සහ දැරියන් සංඛ්‍යාවක් ඉන්දියාව තුළ දූෂණයට ලක් වන්නේය.

පසුගිය ජූනි මාසයේ තෝමස් රොයිටර්ස් පදනම විසින් සිදු කළ සමීක්ෂණයකදී අනාවරණය කළේ ලෝකයේ කාන්තාවන් සඳහා අවම රැකවරණයක් ඇති රට ඉන්දියාව බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි