ඔහු ගේ ප්‍රථම නවකතාව වන මෙය 1980 දශකයේ දී ග්ලාස්ගොව් නුවර සිට, ඇබ්බැහිවීමට සහ ද්‍රරිද්‍රතාවට ගොදුරුව සිටින තම මවට උදවු කරන පිරිමි ළමයකු ගේ කතාවකි.
විනිශ්චය මඩුල්ලේ මුල් පුටුව හොබවන මාගරට් බස්බි විනිශ්චයකාරවරුන් ගේ තීරණය ඒකඡන්දයෙන් පැමිණියක් බව ද, ඔවුන් තීරණය කරන්නට පැයක් පමණක් ගත් බව ද ප්‍රකාශ කළා ය.
මේ ග්‍රන්ථය “අභියෝගාත්මක යි, ළබැඳියි, සිත් ඇදගන්නාසුලු යි… මෙය කියවන ඕනෑම කෙනෙකුට එලෙස හැඟේවි” යැයි ඇය තවදුරටත් පැවසුවා ය.
හතළිස් හතර වියැති ස්ටුවර්ට් පවසන්නේ තමන්, මෙම ජයග්‍රහණය නිසා පුදුමයටත් තිගැස්මටත් පත්ව සිටින බවයි.
සිය නවකතාව ‘අඩුපාඩු සහිත දෙමාපියන් වෙත දරුවන් දක්වන කොන්දේසි විරහිත සහ නිරන්තරයෙන් පරීක්ෂාවට ලක් වන ආදරය ගැන කතා කරන ආදර කතාවක්‘ යැයි ද ඔහු කියයි.
ඩග්ලස් ස්ටුවර්ට්ගේ මව, දැඩි ලෙස මත්පැන් පානයට ඇබ්බැහිව සිට මිය යන්නේ ඔහු 16 හැවිරිදි ව සිටියදී ය. සිය කෘතිය මෙන්ම බුකර් ත්‍යාගය ද ඔහු පිළිගන්වන්නේ අද ජීවතුන් අතර නැති ඇය වෙනුවෙනි.
බුකර් සම්මානය එදා මෙදාතුර දිනාගත් දෙවැනි ස්කොට් ජාතිකයා බවට ද ඩග්ලස් ස්ටුවට් මේ අනුව පත්වෙයි. ස්කොට්ලන්තයේ උපන් ඔහු, කටුක ළමා වියක් අත්දුටුවේ දෙමාපියන්ගේ යුගදිවියේ ගැටළු නිසා ය. පසුව ඔහුගේ මව සහ පියා දික්කසාද වන අතර, මව දැඩි සේ මත්පැන් පානයට ඇබ්බැහි වන්නේ විවාහය බිඳ වැටීමෙන් පසුව ය.
විලාසිතා ක්ෂේත්රයේ නියැළීම සඳහා නිව්යෝක් නුවරට පැමිණ එහි පදිංචි වූ ස්ටුවර්ට්, මේ නවකතාව වසර 10 ක් තිස්සේ ලියා ඇත. ඇත්තෙන්ම එය ඔහුගේ ජීවිත අත්දැකීම් සහ ජීවිත කතාව ඇසුරෙන් ලියැවුණු අර්ධ ප්‍රබන්ධයක් ලෙස ද හඳුන්වා දිය හැකිය.
2020 බූකර් ත්‍යාගය සඳහා නාය යෝජනා දිනාගත් කතුවරුන් “වැළඳ ගන්නට” තමන්ට අවශ්‍ය බව ඔහු හැඟීම්බර ලෙස කියා තිබේ.
පහත දැක්වෙන්නේ මේ වසරේ බුකර් සම්මානය සඳහා නාමයෝජනා ලැබූ කතුවරුන් සයදෙනා ය.
වමේ සිට, Tsitsi Dangarembga, Avni Doshi, Maaza Mengiste, Brandon Taylor, Diane Cook සහ Douglas Stuart
“වඩාත් ශ්‍රේෂ්ඨතම ත්‍යාගය කියවන්නන් ගේ ජීවිත ස්පර්ශ කිරීමට” ඇති හැකියාව‘‘ යැයි ද ඔහු පවසයි.