×

පලිඟු පතල්

මේ පළිඟු පතලේ ඔබට සිතාගැනිමටත් බැරි තරම් විශාල පළිඟු ඔබේ ඇස් පනාපිටම දැකගත හැකියි”.


මීටර් සිය ගණනක් පොළොව යට ,සොබා දම දිනිතියගේ මහානර්ඝ පළිඟු ගුහා දෙකක් පිහිටා තිබේ. ඒවා ලොව මෙතෙක් සොයාගෙන ඇති විශාලතම පළිඟු පතල් වේ.

2000 අප්‍රේල් මාසයේ එලෝයි සහ ජැවියර් ඩෙල්ගඩො විසින් මධ්‍යම විහුවහුවා හි නයිකා රිදී සහ ලෙඩ් පතල තුළ තවත් උමඟක් ඇති බව සොයා ගත්හ.කුඩා විවරයකින් එතුලට රිංගා ගිය එලෝයි මීටර 10-20 අතර ප්‍රමාණයක් ඉදිරියට ගමන් කිරීමෙන් පසු නැවත හැරී ආවේ අනර්ඝ පළිඟු කැට කිහිපයක්ද දෝතින් ගෙනය.”එය හරිම ලස්සනයි.කැඩුණු කැඩපතකින් ආලෝකය පරාවර්තනය වන ආකාරයට දිලිසුණා.”ඔහු පවසයි.

මෙක්සියානු කඳු පන්තියේ සිට මීටර සිය ගණනක් පොළොව තුළට වන්නට පිහිටා ඇති මෙම පළිඟු ගුහාවල ,මොර දත් මෙන් තියුණු ,මීටරයක් පමණ උස පළිඟු මෙන්ම වැඩුණු පයින් ගසක් තරමට උස පළිඟු ද වෙයි.

එයින් මසකට පසු නයිකා පතල්කරුවන් සොයා ගත්තේ මීටර 15ක්ටත් වඩා උස පළිඟු කුරු එම ගුහා වල පිරි පවතින බවයි. පතලේ හිමිකරු ෆිනොල්ස් සමාගම මෙම සොයා ගැනීම රහසක් ලෙස තබා ගැනීමට හැකි තරම් උත්සාහ ගත්හ.එහෙත් ඉක්මනින්ම පතල් කරුවන්ට එහි වැඩ කිරීම අපහසු විය.උමඟ තුළ උෂ්ණත්වය දළ වශයෙන් සෙල්සියස් අංශක 65ක් පමණ වූ අතර ,ඒ අසලට යන්නන්ට තප්පර කිහිපයක් තුළ දහදිය මුගුරු හෙලීමට සිදුවිය.මෙම පළිඟු ආකරය සොයා ගත් රිචර්ඩ් නිෂර් පවසන ආකාරයට එතුළට ගමන් කරන්නෙකු අධික උෂ්ණත්වය නිසා මිනිත්තු 10ක් අතර කාලයකදී සිහිසුන් වනු ඇත.

විද්‍යාඥයින් විස්තර කරන ආකාරයට ගිනි කඳු පිපිරීමකින් ඇති වූ මැග්මාටා කුටීරයක් හෝ අධික තාපය නිසා ද්‍රව වූ පාෂාණ මේ ආකාරයට වසර 30 සිට 50 දක්වා කාලයක දී පළිඟු බවට පත්වන්නට ඇත.මෙක්සිකානු කඳු පන්තියට කිලෝමීටර 3 සිට 5ක් දක්වා දුරක මෙය පැතිරී ඇතැයි පැවසේ.මේ ආකාරයට මැග්මාටා හෝ පාෂාණ ද්‍රව වූ විට එම තාපරුපි තරලය පොළොව මතුපිටටට වන්නට රිදී ,ලෙඩ් හා සින්ක් ලෙස තැන්පත් වීමට පුළුවන.එහෙත් ඇතැම් අවස්ථා වලදී මෙම තරලය සමඟ සල්ෆර් අධික භූගත ජලය මුසුවීමට පුළුවන.එවිට එම ලෝහ තැන්පතු කැල්සියම් සමඟද සම්බන්ධ වී මිනිසා මෙතෙක් නොදුටු විරූ පළිඟු නිර්මාණය කරයි.අප සෙලීනයිට් ලෙස හඳුන්වන්නේ ඛනිජමය ජිප්සම් වල පළිඟුමය ආකාරකයි.

“ලෝකයේ මෙතෙක් හමුවී ඇති පළිඟු සියල්ලම ඔබේ අත්ල මත තබා නැරඹිය හැකි ප්‍රමාණයේ ඒවායි…”ස්මිත් සෝනියන් ආයතනයේ ඛනිජ විශේෂඥයෙකු වන ජෙෆ්රි පෝස්ට් පවසයි.”නමුත් මේ පළිඟු පතලේ ඔබට සිතාගැනිමටත් බැරි තරම් විශාල පළිඟු ඔබේ ඇස් පනාපිටම දැකගත හැකියි”.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි