ජෝන් හොප්කින්ස් සරසවියේ නිල වාර්තා මගින් ඒ බව සනාථ වේ.
මේ වන විට ලෝකයේ වැඩිම කෝවිඩ් මරණ සංඛ්‍යාව සහ ආසාදිතයන් සංඛ්‍යාව මේ අනුව වාර්තා වන්නේ ඇමරිකා එක්සත් ජනදයෙනි.
අසල්වැසි ඉන්දියාවේ කෝවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව මේ වන විට මිලියන 10.2 ක් වන අතර, ඒ අනුව ඇමරිකාවේ එබඳු දෙගුණයක රෝගීහු වෙති.
නිරීක්ෂකයන් පවසන්නේ වසර අග සවාරි සහ මිතුරු හමු ආදිය නිසා කෝවිඩ් වසංගතයට නැවතත් තටු ලැබී ඇති බවයි.
ඇමරිකාවේ එක් දිනක් තුළ වාර්තා වූ වැඩි මරණ සංඛ්‍යාව වන 3,927 වාර්තා වූයේ දෙසැම්බර් 30 වැනිදා වීම ද විශේෂත්වයකි. වසංගතය ආරම්භ වූ දා සිට මේ දක්වා ඇමරිකානුවන් ලක්ෂ තුනහමාරකට ආසන්න සංඛ්‍යාවක් එනම් 346,000 ක් පමණ කෝවිඩ් හේතුවෙන් මරු දැක තිබේ.
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාලනය මැතිවරණ පොරොන්දුවක් ලෙස ලබාදුන් එක් දෙයක් වූයේ වසර අග වන විට කෝවිඩ්-19 වැක්සිනය මිලියන 20 ක ජනතාවකට ලබාදෙන බවයි. නමුත් 2020 දෙසැම්බර් 31වන විට කෝවිඩ් වැක්සිනය ලබා දී තිබුණේ මිලියන 2.8 ක ජනතාවකට පමණකි.
ජනපති ට්‍රම්ප්, වසංගතය නොසලකා හැර කටයුතු කර ඇති බවට මුල පටන්ම චෝදනා නැගිණි. 2021 ජනවාරි 20 වැනිදා ඇමරිකාවේ නව ජනාධිපති ලෙස ජෝ බයිඩන් තේරී පත්වන්නේත් එහි ප්‍රතිඵලයක් ලෙස ය.
ඇමරිකාව විසින් මේ වන විට කෝවිඩ්-19 වැක්සින දෙකක් සිය ජනතාවට ලබා දේ. ඒ, ෆයිසර්-බයොන්ටෙක් සහ මොඩර්නා එන්නත් ය. ඒවා රට පුරා ජනපදවලට යවා ඇති අතර, මහාපරිමාණ එන්නත්කරණය ක්‍රියාවට නැංවෙමින් ඇත.
සුව සේවකයන් සහ සාත්තු නිවාසවල දීර්ඝ කාලයක් ජීවත් වන අයට ඇමරිකාවේ දී කෝවිඩ් වැක්සිනය ලබාගැනීම සඳහා ප්‍රමුඛතාවය සලසා ඇත. එයින් අදහස් වන්නේ සාමාන්‍ය ජනතාවට ඇතැම් විට එන්නත ලබාගැනීම සඳහා තවත් මාස කිහිපයක් මරණය සමග ජීවත් වීමට සිදුවනු ඇති බව ය.