නොවාවැක්ස් එන්නත එංගලන්තයෙන් හඳුනාගත් නව කොරෝනා වෛරස් ප්‍රභේදයට එරෙහිව සාර්ථක ප්‍රතිඵල පෙන්වා ඇති බව එරට මාධ්‍ය වාර්තා පෙන්වාදෙයි.
මහා පරිමාණයෙන් කරන ලද එන්නත අත්හදා බැලීමේදී එය 89%ක ඵලදායී බවක් පෙන්නුම් කර තිබෙන බවයි වාර්තා කර තිබෙන්නේ.
ඖෂධ හා සෞඛ්‍ය නිෂ්පාදන නියාමන ඒජන්සියේ අනුමැතිය එයට ලබුණහොත් එම එන්නතද මෙම වසරේ දෙවන භාගය වන විට ලබා දිය හැකි බවද එක්සත් රාජධානියේ රජය පවසා තිබේ.
මේ වන විටත් එරට හදිසි භාවිතය සඳහා ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත,ෆයිසර් බයෝ එන් ටෙක් එන්නත මෙන්ම මොඩර්නා එන්නත ද ලබා දීමට අනුමැතිය හිමිව ඇත. ඒ අනුව දැනටමත් එරට එන්නත්කරණය ක්‍රියාත්මක වෙමින් පවතියි.
මෙම නොවාවැක්ස් එන්නතද මුල් අදියරේ මාත්‍රා මිලියන 60 නිපදවීමටයි එංගලන්තය අවධානය යොමුකර තිබෙන්නේ.
මෙම එන්නතේ තුන්වන අදියරේ සායනික පරීක්ෂාව සිදුකිරීම සඳහා වයස අවුරුදු 18ත් 84ත් අතර පුද්ගලයින් 15,000කට වැඩි ප්‍රමාණයක් සහභාගී වී තිබෙන අතර ඉන් 27%ක් වයස අවුරුදු 65ට වැඩි බවද නොවාවැක්ස් සමාගම පවසා තිබේ.
දකුණු අප්රිකාවේද මෙය අත්හදා බලා ඇති අතර එහි ව්‍යාප්ත වෙමින් පවතින නව වෛරස් ප්‍රභේදයට එරෙහිව 60%ක ඵලදායී බවක් පෙන්නුම් කර තිබෙන බවත් ඒ HIV වෛරසය ආසාදනය නොවූවන් අතර බවත් දැක්වෙයි.
ASK for LNW