×

මියන්මාර හමුදා කුමන්ත්‍රණයට එක්සත් ජාතීන්ගේ මහලේකම් ගේ දැඩි විරෝධය

එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරේස් මියන්මාරයේ හමුදා කුමන්ත්‍රණය සමඟ හටගත් බිහිසුණු තත්ත්වයට දැඩි විරෝධය පළ කර තිබේ.


එම බිහිසුණුකාරී වාතාවරණය තුළ දිනෙන් දින ඉහළ යන මරණ සංඛ්‍යාව හා තුවාල ලැබූ පුද්ගලයින් පිළිබඳව ගුටරේස් මහතා දැඩි කලකිරීමෙන් පසුවන බවයි එක්සත් ජාතීන්ගේ මාධ්‍ය ප්‍රකාශකවරයකු ඉකුත් ඉරු (28) දින පවසා තිබෙන්නේ.

එරට හමුදා කුමන්ත්‍රණයට එරෙහි ව ගෙන යන සාමකාමී උද්ඝෝෂන වලට මාරක ප්‍රහාර එල්ල කිරීම සහ අත්තනෝමතික අන්දමින් පුද්ගලයින් අත්අඩංගුවට පත්වීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බව ඔහු අවධාරණය කර තිබේ.

එමෙන්ම එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා මෙම හමුදා කුමන්ත්‍රණයට එරෙහිව ජාත්‍යන්තර ප්‍රජාවගේ සහාය පළ කරන බවත්, එමඟින් මියන්මාර වැසියන්ගේ පරමාධිපත්‍යයට ගරු කිරීමට එරට හමුදාවට බල කර සිටින බවත් එම මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි