×

ට්‍රම්ප් 2024 ජනාධිපති ඡන්දයට සැරසෙයි!

ඇමරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යළි 2024 දී පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්වන බවට සිය පාක්ෂිකයින්ට ඉඟි ලබා දී තිබේ.


කෙසේවෙතත් නව දේශපාලන පක්ෂයක් පිහිටුවීමට තමන්ගේ සැලස්මක් නොමැති බවද ට්‍රම්ප් පවසා ඇත.

එසේ වුවහොත් එය රිපබ්ලිකන් පක්ෂයේ දෙකඩ වීමක් සිදුවන හෙයින් එයට ඔහු එකඟ නොමැති බවයි.

ඊයේ ඔර්ලන්ඩෝ නගරයේ පැවති දේශපාලන සමුළුවකට සහභාගි වෙමිනුයි හිටපු ජනාධිපති ට්‍රම්ප් සිය අනාගත දේශපාලන  සැලැස්ම ගැන ඉඟි සපයා ඇත්තේ.

ඒ අනුව ඔහු තවදුරටත් රිපබ්ලිකන් පක්ෂය රකිමින් කටයුතු කරන්නෙකු බවට හැඟවෙන බවයි විදෙස් වාර්තා පෙන්වාදී ඇත්තේ.

සිය ප්‍රතිවාදියා වූ වත්මන් ජනාධිපති ජෝ බයිඩන්ව ඔහු තවදුරටත් දැඩිව විවේචනයට ලක් කරමින් පසුවෙයි.

ඩොනල්ඩ් ට්‍රම්ප් මෙලෙස අදහස් දැක්වීම යළි අරඹා තිබෙන්නේ ඔහුට එරෙහිව ගෙන ආ දෝෂාභියෝගයෙන් නිදොස් කොට නිදහස් වූ පසුව වීමද විශේෂත්වයකි.

බලය හුවමාරු කරගැනීමට පෙර පසුගිය ජනවාරියේ ඇමරිකාවේ වොෂින්ටන් හි පැවති කැරළි තත්ත්වය හේතුවෙන් හිටපු ජනාධිපතිවරයාට සමාජ මාධ්‍යයට පිවිසීමට තිබුණු ඉඩ කඩද ඇහිරුණි.

කෙසේවෙතත් ඔහු සටන අත්හැර නැති බව නම් පැහැදිලිය.

ASK for LNW



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි