×

ඕස්ට්‍රේලියාව හා නවසීලන්තය අතර දේශ සීමා යළි විවෘත කෙරේ

ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර දේශ සීමා දින 400කට පසුව පසුගියදා විවෘත කෙරිනි.


කොරෝනා සහිත තත්ත්වය යටතේ මෙසේ වසා දැමීම සිදුවූ අතර, දැන් නිරෝධායන රහිතව ගමන් කිරීමට මගීන්ට අවස්ථාව ලබා දී තිබේ.

නමුත් ඕස්ට්‍රේලියාව මීට පෙර නවසීලන්ත සංචාරකයින්ට නිරෝධායනයකින් තොරව ඇතුළුවීමට ඉඩ දී තිබූ අතර නවසීලන්තය ද දැන් එය අනුගමනය කරයි.

මෙනිසා දෙරටේ ගුවන් ගමන් ඉතා කාර්යය බහුල වූ බව එරට සංචාරක අංශ පවසයි.

“මෙම සන්ධිස්ථානය ඕස්ට්‍රේලියානුවන්ට සහ නවසීලන්ත වැසියන්ට ලැබිය හැකි ජයග්‍රහණයක්. අපේ ජනතාව සුරක්ෂිතව තබා ගනිමින් අපේ ආර්ථිකය නංවාලනවා”

යැයි ඔස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන් ප්‍රවෘත්ති නිවේදනයක සඳහන් කරන්නට විය.

සෑම සතියකම මෙල්බර්න් සහ නවසීලන්තය අතර ගුවන් සේවා 140 ක් පමණ ක්‍රියාත්මක වන අතර, මැයි මස අවසානය වන විට එම සංඛ්‍යාව සතිපතා ගුවන් ගමන් 180 ක් දක්වා ඉහළ යනු ඇතැයි මේ සමග අපේක්ෂිතය.

නවසීලන්තයේ ගුවන් මගීන් සාමාන්‍යයෙන් වාර්ෂිකව ඕස්ට්‍රේලියාවට පැමිණෙන සංචාරක සංඛ්‍යාවෙන් 18% ක් පමණ වේ.

2019 දී නවසීලන්ත සංචාරකයින් ඕස්ට්‍රේලියානු සංචාරක කටයුතු සඳහා ඕස්ට්‍රේලියානු ඩොලර් බිලියන 1.6 ක් (ඩොලර් බිලියන 1.2) වැය කර තිබේ. (CNN ඇසුරින්)



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි