තමිල්නාඩු ප්‍රාන්තයේ මහ ඇමැති එම්.කේ. ස්ටාලින් මහතා පැවසුවේ, වැළකිය නොහැකි හේතුවක් මත මෙම තීරණය ගත් බවයි.
ඉකුත් සිකුරාදා දිනයේදි දිස්ත්‍රික් නිලධාරීන් සහ සෞඛ්‍ය අංශ සමග පැවති සාකච්ඡාවකදී මතු වූ කරුණු සැලකිල්ලට ගනිමින්, කොවිඩ් ව්‍යාපෘතියේ අවදානම ගැන අවධානය යොමුකරමින් ප්‍රාන්තය අගුලු දැමීමට පියවර ගත් බවද ඔහු කීය.
ඒ අනුව, අද අලුයම 4.00 සිට සති දෙකක කාලයක් අගුලු දැමීම එම ප්‍රාන්තයට බලපැවැත්වේ.
මත්පැන් අවන්හල්, ශාරීරික සුවතා මධ්‍යස්ථාන, සිනමාශාලා, උද්‍යාන ආදී සියල්ල ඒ අනුව වසා දැමෙන බව කී අමාත්‍යවරයා කොරෝනා ව්‍යාපෘතිය වැළක්වීමේ උපදේශ අනුව ජනතාවට ක්‍රියකරන ලෙසද ඉල්ලා සිටී.
මේ අතර, කර්ණාටක ප්‍රාන්තය අද උදෑසන 6.00 සිට බලපැවැත්වෙන පරිදි අගුලු දමා ඇත.
කොරෝනා වයිරසයේ පළමු රැල්ලේ දී ඉන්දියාවම අගුලු දැමූ නමුත්, තවමත් එවැන්නක් වෙත ඉහළ බලධරයන්ගේ අවධානය යොමුව නැත.
ඩිල්ෂානි චතුරිකා දාබරේ