×

බ්‍රිතාන්‍ය රජ පවුලේ සුරතලාට 5 යි!

එංගලන්තයේ ඔටුන්න හිමි විලියම් කුමරුගේ දෙටු පුත් ජෝර්ජ් කුමරු පසුගිය දා සිය පස්වැනි උපන්දිනය සැමරුවේ ය.


ජෝර්ජ් කුමරුගේ වගතුග දැනගන්න වගේම ඔහුගේ අලුත්ම ඡායාරූපයක් දැක ගන්න මිලියන සංඛ්‍යාත පිරිසක් ලෝ පුරා බලා සිටිති.

ඒ අයගේ සිත් අමන්දානන්දයට පත් කරමින් කේට් කුමරියත්, විලියම් කුමරුත් ඡායාරූපයක් නිකුත් කිරීමට කටයුතු කර තිබුණාහ. මේ ඡායාරූපය මුදා හැර මිනිත්තු ගණනක් යන්නට පළමුව ලොව නන් දෙසින් ඊට ශුභවාදී ප්‍රතිචාර ලැබෙන්නට පටන් ගත්තේ ය.

Mail Online

මෙම ඡායාරූපය ගෙන තිබුණේ ක්ලැරන්ස් මාලිගය පසුපස ඇති ගඩොලු බිත්තියක් ජෝර්ජ් කුමරුට පසුබිම හැටියට සිටින පරිදී ය. කුමරු ඡායාරූපයට පෙනී සිට තිබුණේ ඔහුගේ මලනුවන් වන ලුවී කුමරු භෞතිස්ම කළ අවස්ථාවේදී ඇඳ සිටි ඇඳුමෙනි.

මේ නිසා එම ඡායාරූපය ගන්නට ඇත්තේ ද ලුවී කුමරු භෞතිස්ම කළ දිනයේම වන්නට පුළුවන.

ඒබැව් කෙසේ වුවත් ජෝර්ජ් කුමරුගේ ඡායාරූපය ගැන අදහස් පළ කරන බොහෝදෙනෙකු කියන්නේ ප්‍රකට කලාකරුවන් කිහිප දෙනෙකුත් ජීවිතයේ විවිධ අවස්ථාවලදී මේ අන්දමේම ඡායාරූප ගෙන ඇති බවකි. එනම් ගඩොලින් කළ බිත්ති පසුබිමට සිටින පරිදී ය. නැසීගිය පොප් ගායක මයිකල් ජැක්සන් ළමා කළ එබඳු ඡායාරූපයක් ගෙන තිබිණ. ඇමෙරිකාවේ රමෝනීස් සහ බ්‍රිතාන්‍යයයේ පින්ක් ෆ්ලොයිඩ් ගායක කණ්ඩායම් ද “තරු පන්තියේ” යැයි කියන මේ අන්දමේ ඡායාරූප ගෙන ගෙන ඇත. එපමණක් නොව තරු පන්තියට සීමාවුණු ඒ කලාව දැන් බ්‍රිතාන්‍යය රජ ගෙදර රාජකීයයන් අතටත් පත්ව තිබේ. එකී හපන්කම කර තිබෙන්නේ අනෙකකු නොව විලියම් කුමරුගේත් කේට් කුමරියගේ පෞද්ගලික ඡායාරූප ශිල්පී මැට් පෝර්ටියස් ය.

ජෝර්ජ් කුමරුගේ ඡායාරූපය දකින බොහෝ දෙනෙක් කුමරුගේ ඇඳුම් කට්ටලය ගැන කතා කරන්නටත් අමතක නොකරති. කෙට් කුමරිය, ජෝර්ජ් කුමරු බිළිඳු අවධියේ සිටම සැරසුවේ එකම සන්නමක් යටතේ නිමැවෙන ඇඳුම් කට්ටලවලිනි. මේ නිසා එකී සන්නාම යටතේ නිෂ්පාදනය කෙරෙන ඇඳුම්වලට පුදුමාකාර අලෙවියක් ඇති වී තිබේ. කුමරුගේ පස්වැනි උපන්දිනය නිමිත්තෙන් නිකුත් කළ ඡායාරූපය නිසා ඒ අලෙවිය තවත් ඉහළ යනු ඇති බව මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

ජෝර්ජ් කුමරුට උපරිම ආරක්ෂාවක් යටතේ වැඩෙන්නට අවශ්‍යය පසුබිම විලියම් කුමරුත්, කේට් කුමරියත්සකසා ඇතිවාට සැකයක් නැත. එපමණක් නොව කුමරුගේ පෞද්ගලිකත්වය රැක දීමටත් මේ දෙමව්පියෝ දෙදෙනා බොහෝ වෙහෙස වෙති.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි