×

දිල්ලිය අගුලුදැමීම තව සතියකින් දීර්ඝ කරයි

ඉන්දියාවේ අගනුවර වන දිල්ලිය අගුලුදැමීම බලපැවැත්වෙන කාලය තව සතියක් පමණ දීර්ඝ කළ බව දිල්ලියේ මහ ඇමැති වන අර්වින්ද් කෙජ්‍රිවල් දැනුම් දෙයි.


ඒ අනුව, මැයි 24 දක්වා එම අගුලු දැමීම බලපැවැත්වෙනු ඇත.

කොරෝනා දෙවන රැල්ලේ ව්‍යාප්තිය හේතුවෙන් මේ වනවිට ආසාදිතයන් 36,18,458 දෙනෙකු වාර්තා වී තිබේ. මේ තත්වය යටතේ අගුලු දැමීම පිළිබඳව තීරණය කළ බව මහ ඇමැති සඳහන් කරයි.

“දිල්ලිය අගුලු දැමීම ක්‍රියාත්මක මේ කාලයේදී, මිනිස්සුන්ට වුවමනා කරන පහසුකම් වැඩිදියුණු කරගන්න අපි උත්සාහ කරනවා. දැනට ප්‍රධාන ගැටලුව වී තිබෙන්නේ ඔක්සිජන් හිඟතාවයයි. වයිරසය ආසාදනය වීමේ අගය තරමක් පහළ බැස තිබුණත් අගුලුදැමීම දීර්ඝ කිරීම අවශ්‍ය වුණා” යැයි ඒ මහතා මාධ්‍ය අමතමින් පැවසීය.

කොරෝනා වයිරසය ව්‍යාප්තවීම 35% සිට 25% දක්වා අඩු අගයක් ගෙන තිබුණ ද, එම අගය පවා ඉහළ මට්ටමක පවතින බව වෛද්‍යවරු පෙන්වා දෙති.

කෙසේවෙතත්, අප්‍රේල් 20වැනිදා අගුලු දැමීමෙන් පසු, දිල්ලියේ අගුලු දැමීමේ කාලය දීර්ඝ කළ තෙවන් අවස්ථාව මෙයයි. අප්‍රේල් 26 සිට සතියක්, මැයි 3 වැනිද සිට සතියක් වශයෙන් මීට පෙර එම කාලය දීර්ඝ කර තිබිණි.

ඩිල්ෂානි චතුරිකා දාබරේ



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි