×

කොවිඩ් 19 දෙවන රැල්ලෙන් ඉන්දියාවට වෛද්‍යවරු 269ක් අහිමි වෙයි – පසුගිය ඉරිදා පමණක් වෛද්‍යවරු 50ක් මිය ගිහින්

ඉන්දියාවේ කොවිඩ් 19 දෙවන රැල්ලේ සීඝ්‍ර ව්‍යාප්තිය හමුවේ මේ වන විට වෛද්‍යවරු 269 දෙනෙකු මියගොස් ඇති බව ඉන්දීය වෛද්‍ය සංගමය අනාවරණය කර තිබේ. 


පවතින තත්ත්වය හමුවේ සාමාන්‍යයෙන් දිනකට වෛද්‍යවරු 20-25 අතර දෙනෙක් කොවිඩ් 19 හේතුවෙන් මිය යන බවයි ඔවුන් පවසන්නේ.

පළමු රැල්ලේදී ද කොවිඩ් 19 වසංගතය හේතුවෙන් එරට වෛද්‍යවරු 756 දෙනෙකු රටට අහිමි වූ අතර බොහෝ දෙනෙක් තරුණ වයස් කාණ්ඩවලට අයත් අය බවද  එම සංගමය සඳහන් කරයි.

මහජන සෞඛ්‍ය දැඩි අර්බුදයක පවතින තත්ත්වයක සීමිත සම්පතක් මෙලෙස රටට වෛදවරු අහිමි වෙමින් පැවතීම කිසිලෙසකින්වත් දරාගැනීමට මෙන්ම පිරිමැසීමටද නොහැකි බව එරට වෛද්‍යවරු පෙන්වාදෙමින් ඇත.

ඒ අනුව 2020 වසරේ මාර්තු සිට මේ දක්වා කාලය තුළ ඉන්දියාවේ වෛද්‍යවරු 1025ක් කොරෝනා වෛරසයට බිලි වී තිබේ.

රට පුරා විහිදී පැතිරී තිබෙන සියලුම රෝහල්වලින් මෙම දත්ත රැස් කරනු ලබන බවත් පසුගිය ඉරිදා දින පමණක් අවාසනාවන්ත ලෙස වෛද්‍යවරු 50ක් කොවිඩ් 9 වෛරසයෙන් උදුරා ගෙන තිබෙන බවත් ඉන්දීය වෛද්‍ය සංගමය  පවසයි.

ASK for LNW



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි