බුර්කිනෝ ෆාර්සෝ රජය විසින් මේ වන විට පැය 72 ක ජාතික ශෝක කාලයක් ද ප්‍රකාශයට පත් කර ඇත.
යාඝා පළාතේ ගම්මාමානයක් ඉලක්ක කර ගත් මෙ ප්‍රහාරයේ වගකීම කිසිවෙකු භාරගෙන නොමැති අතර, රජය පවසා තිබෙන්නේ මෙය ‘ත්‍රස්තවාදී ක්‍රියාවක්’ බව ය.
බටහිර අප්‍රිකාවට අයත් රටක් වන බුර්කිනෝ ෆාර්සෝ මෑත භාගයේදී ඉස්ලාමීය සන්නද්ධ භටයන්ගේ දැඩි ග්‍රහණයට නතු වෙමින් ඇත. මේ වසරේ මුල භාගයේ පටන් බටහිර අප්‍රිකාවේ බුර්කිනෝ ෆාර්සෝ, මාලි සහ නයිජර් රාජ්‍යයන් හි වෙසෙන සිවිල් වැසියන් වැඩි වශයෙන් මෙම ප්‍රහාරවලට ලක් වන ආකාරය පෙනෙන්නට තිබේ.
වසර 2 ක් ඇතුළත බුර්කිනෝ ෆාර්සෝ රාජ්‍යයේ වැසියන් මිලියන 1.14 ක් දෙනා භීෂණ ක්‍රියාවන් හේතුවෙන් අවතැන් වී තිබේ. මේ අතර, ජිහාඩ් ප්‍රහාරවලින් බේරීම පිණිස පළා ආ මාලි සරණාගතයන් 20,000 ක පමණ පිරිසක් ද රට තුළ වෙසේ.
main photo: Al Jazeera