×

Update: කාබුල් ත්‍රස්ත ප්‍රහාරයෙන් 90 ක් මරුට- තලෙයිබාන් සාමාජිකයන් 13කුත් ඒ අතර

මිය ගිය බහුතරය ඇෆ්ගන් සිවිල් වැසියන් ය.


ඊයේ කාබුල් අන්තර්ජාතික ගුවන් තොටුපොළට එල්ල වූ මරාගෙන මැරෙන ද්විත්ව බෝම්බයෙන් මිය ගිය සංඛ්‍යාව 90 කට අධික බව සොයාගෙන ඇති අතර, තලෙයිබාන් සාමාජිකයන් 13 ක් ද ඒ අතර සිටින බව සඳහන්.

ඇතැම් වාර්තාවකට අනුව තලෙයිබාන් සාමාජිකයන් 28 දෙනෙක් පමණ මරණයට පත් ව ඇත.

තුවාළ ලත් සංඛ්‍යාව 150කට අධිකයි.

ප්‍රහාරයේ වගකීම මේ වන විට IS-K නමැති ප්‍රාදේශීය අයිඑස් කණ්ඩායමක් විසින් භාරගෙන තිබේ.

අද උදෑසන සිට නැවත වරක් සිවිල් වැසියන් ගළවා ගැනීමේ කටයුතු ක්‍රියාත්මකයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි