×

නිරෝධායන නීති කඩා උපන්දිනය සැමරුවයි ආර්ජන්ටිනා ජනපතිට දඩුවම්

උපන්දිනය සැමරීමට පෙර එරට සියළු පුර වැසියන් හට එක් රැස්වීම්, සාද පැවැත්වීම් ආදී අවස්ථා සම්පූර්ණයෙන් තහනම් කරමින් නීති පනවන ලදී.


 

ආර්ජන්ටිනාවේ ජනපති ඇල්බර්ටෝ ෆර්ඩිනැන්ඩස් සහ ඔහුගේ සහකාරිය නිරෝධායන නීතිි කඩකරමින් සිය හිත මිතුරන් සමග උපන්දින සාදයක් පැවැත්වූ බවට එල්ලවූ චෝදනා සම්බන්ධ පැමිණිල්ල එරට අධිකරණය විසින් විභාග කරන ලදී. කොවිඩ් වසංගතය පාලනය කිරීම සදහා එරට දැඩි නීති රීති ක්‍රියාත්මක කරන ලද අතර වැඩි කාලයක් අගුළු දමා තිබූ රටවල් අතරින් එකක්ද වෙයි.

Alberto Fernandez, Argentina, accused of attending a birthday party when  there were restrictions | The world
පසුගිය වසර් ජූලි මාසයේදී ඔහු විසින් මෙසේ නිරෝධායන නීති කඩ කර ඇති අතර සිය සහකාරිය ෆැබියෝලා යැනෙස්ගේ උපන්දිනය සැමරීමට පෙර එරට සියළු පුර වැසියන් හට එක් රැස්වීම්, සාද පැවැත්වීම් ආදී අවස්ථා සම්පූර්ණයෙන් තහනම් කරමින් නීති පනවන ලදී. මේ සම්බන්ධව පැවති නඩුව පසුගිය බ්‍රහස්පතින්දා විභාග කරන ලද අතර එහිදී නියමිත දඩ මුදලක් ගෙවීමට අධිකරණය විසින් ඔහුට නියෝග කර ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි