ජසින්ඩා ආර්ඩෙන් තවදුරටත් පැවසුවේ මෙම ප්රහාරකයා ශ්රී ලාංකිකයෙක් සහ ‘හඳුනාගත් තර්ජනයක්‘ ලෙස සිටි පුද්ගලයෙකු බවයි.
ප්රහාරය සිදුකළ පුද්ගලයා තත්පර 60 ක් ඇතුළත පොලිස් වෙඩි පහරින් මරුමුවට පත් විය.
අග්රාමාත්ය ජසින්ඩා ආර්ඩෙන් ද මෙය ත්රස්ත ප්රහාරයක් බව සනාථ කරමින් මෙසේ කියන්නීය.
‘‘හවස 2.40ට පමණ ප්රචණ්ඩකාරී අන්තවාදියෙක් විසින් ත්රස්ත ප්රහාරයක් සිදු කළා.. මෙය ප්රචණ්ඩ ප්රහාරයක් සහ නිරර්ථක දෙයක්.. එය සිදුවීම ගැන මම කණගාටු වෙනවා..‘‘
එම තැනැත්තා ශ්රී ලාංකිකයෙකු බව ද, ‘ISIS පරමාදර්ශයන්ගේ ආධාරකරුවෙකු‘ වූ බව ද ජසින්ඩා ආර්ඩෙන් තවදුරටත් හෙළි කර සිටියාය. රජයේ ඒජන්සි කිහිපයක් මගින් කලක පටන් ඔහුව සුපරීක්ෂාවට යටත් කර තිබූ බවත්, ප්රහාරය සිදුකර තත්පර 60 ක් ඇතුළත ඔහුට ප්රතිප්රහාර එල්ල කිරීමට හැකි වූයේ ඒ නිසා බවත් ඇය තවදුරටත් පැවසුවාය.
ප්රහාරය එල්ල කළ ශ්රී ලාංකිකයා 2011 වසරේදී නවසීලන්ත බලා පැමිණියෙකි.