×

සැම්බියානු ඉතිහාසයේ පළමු වතාවට කාන්තාවක් කථානායක ධූරයට!

සැම්බියාවේ ලූසාකා අගනුවර කේන්ද්‍ර කරගත් නීතීඥවරියක වන නෙලී මුට්ටි පසුගිය සිකුරාදා එම තනතුර සදහා නිතරගයෙන් තේරී පත් විය


 

පසුගියදා පැවති ජනාධිපතිවරණයේදී සැම්බියාවේ නව ජනාධිපතිවරයා ලෙස දීර්ඝ කාලයක් විපක්ෂ නායක හකායින්ඩේ හිචිලේමා දිවුරුම් දී සතියකටත් වැඩි කාලයක් ගත වීමෙන් පසු සැම්බියාවේ පාර්ලිමේන්තුව තිහාසයේ ප්‍රථම වතාවට කථානායක ධූරය සදහා කාන්තාවක් පත් කරන්නා ලදී.

සැම්බියාවේ ලූසාකා අගනුවර කේන්ද්‍ර කරගත් නීතීඥවරියක වන නෙලී මුට්ටි පසුගිය සිකුරාදා එම තනතුර සදහා නිතරගයෙන් තේරී පත් වූයේ එතෙක් වසර 10 ක කාලයක් කථානායකවරයා ලෙස කටයුතු කළ විශ්‍රාමික මහාධිකරණ විනිසුරු පැට්‍රික් මැටිබිනි වෙනුවට ය.

https://twitter.com/HHichilema/status/1433826002791280641?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1433826002791280641%7Ctwgr%5E%7Ctwcon%5Es1_&ref_url=https%3A%2F%2Fwww.aljazeera.com%2Fnews%2F2021%2F6%2F29%2Ftwitter-distorted-india-map-hindu-group-bajrang-dal

මේ පිළිබදව සිය ධූරය භාරගැනීමත් සමග සිදු කළ ප්‍රථම කථාවේදීම නව ජනපති හිචිලීමා පැවසුවේ සැම්බියාවේ නායකත්වය සදහා කාන්තාවන් භූමිකාව මුට්ටිගේ ජයග්රහණය මගින් විද්‍යමාන වන බවයි. මානව හිමිකම් නීතීඥවරියක සහ එරට දූෂණ විරෝධී කොමිසමේ හිටපු සභාපතිනියක නෙලී මුට්ටිට මුලසුන දැරීමට සිදුවන්නේ ව්‍යවස්ථාමය වෙනස්කම් සිදු කිරීම සඳහා ආණ්ඩු පක්ෂයට තවමත් විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහයෝගය අවශ්‍ය වන පාර්ලිමේන්තුවකය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි