×

සිම්බාබ්වේ මැතිවරණයෙන් පාලක පක්ෂය ඉදිරියෙන්

ඒ අනුව මේ වන විට ආසන 110ක් සානූ පී එෆ් පක්ෂය දිනා දිටින අතර විරුදධ පක්ෂය වූ එම් ඩී සී සන්ධානය දිනා ඇත්තේ ආසන 41ක් පමණි.


සිම්බාබ්වේ  හිටපු ජනපති රොබට් මුගාබේ ගේ පාලනයෙන් පසු  ප්‍රථම මැතිවරණය ඊයේ ඉතා සාමකාමී ලෙස පැවැත්විණි.

නව ජනාධිපතිවරයෙක් හා එරට පාර්ලිමේනිතුවට සාමාජිකයන් 210 ක් තෝරා ගැනීම සඳහා පැවති මෙවර මැතිවරණයේ නිළ නොවන ප්‍රතිඵලවලට අනුව මේ වන විට ඉදිරියෙන් සිටින්නේ  ජනපති එමර්සන් මනන්ගා නියෝජනය කරන එරට පාලක පක්ෂය වන සානූ පී එෆ් පක්ෂයයි.

ඒ අනුව මේ වන විට ආසන 110ක් සානූ පී එෆ් පක්ෂය දිනා දිටින අතර විරුදධ පක්ෂය වූ එම් ඩී සී සන්ධානය දිනා ඇත්තේ ආසන 41ක් පමණි.

මෙවර මැතිවරණයේ දී 70% ඡන්ද ප්‍රකාශ කර තිබූ බව එරට මැතිවරණ කොමිසම ප්‍රකාශ කරන ලදී



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි