×

යුරෝපයට කෝවිඩ් 4 වන රැල්ල – ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත දෙකක් ලබන සතියේ සිට ලොක්ඩවුන්

යුරෝපයේ මේ වන විට කෝවිඩ් 4 වැනි රැල්ල සීඝ්‍රයෙන් පැතිරෙමින් යන අතර, ලොක්ඩවුන් සීමාවන් පැනවීම කඩිනමින් ආරම්භ කර තිබේ.


ඒ අනුව ජර්මනිය, ඔස්ට්‍රියාව සහ ස්ලෝවැකියාව විසින් එන්නත්කරණය නොකළ පුද්ගලන් සඳහා නව සීමාකරණයන් හඳුන්වා දීමට ද බලාපොරොත්තු වෙයි.

මේ අතර ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත දෙකක් ලබන සතියේ සිට සම්පූර්ණයෙන්ම ලොක්ඩවුන් කිරීමට නියමිත ය.

ගෝලීය ආසාදන සහ මරණවලින් හරි අඩක් යුරෝපයෙන්

පසුගිය සතිය තුළ ගෝලීය කෝවිඩ් ආසාදිතයන්ගෙන් හරි අඩක් පමණ වාර්තා වූයේ යුරෝපයෙනි. එසේම කෝවිඩ් මරණවලින් ද හරි අඩක් වාර්තා වූයේ යුරෝපයෙනි.

ඊයේ දිනයේ (බ්‍රහස්පතින්දා) ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මර්කෙල්, රෝහල් ආසාදිතයන්ගෙන් පිරී යන ප්‍රදේශවල සිටින කෝවිඩ් එන්නත ලබානොගත් අයට ප්‍රසිද්ධ ස්ථානවල ගැවසීම තහනම් කිරීම ඇතුළු නව සීමාවන් රැසක් හඳුන්වා දුන්නාය.

මේ අතර ග්‍රීසිය, සිනමාශාලා, කෞතුකාගාර සහ ශරීර සුවතාගාර ඇතුළු පොදු සහ වැසුණු ස්ථානවලට එන්නත්කරණය සම්පූර්ණ නොකළ අයට ඇතුල් වීම තහනම් කර තිබේ.

ග්‍රීසියේ කෝවිඩ් මරණ ගණන ගතවූ මාස 6 තුළ මේ වන විට ඉහළම අගය වාර්තා කරමින් සිටින අතර, ග්‍රීසියේ ජනගහනයෙන් 1/3 ක් තවමත් එන්නත්කරණය සම්පූර්ණ කර නැති බව ද පැවසේ.

ඔස්ට්‍රේලියාව ලබන සතියේ පටන් සැල්ස්බර්ග් සහ අපර් ඔස්ට්‍රේලියා යන ප්‍රාන්ත දෙක සම්පූර්ණයෙන්ම ලොක්ඩවුන් කිරීමට සැලසුම් කරයි. එහිදී පාසල් නැවත වසා දැමීමට මෙන්ම ඇඳිරි නීතිය පැනවීමට ද නියමිත ය.

 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි