×

ගැම්බියානු මැතිවරණය

හිටපු ජනාධිපති Yahya Jammeh 2017 දී ධූරයෙන් ඉවත් වී රටින් පලා යාමෙන් පසු ගැම්බියානුවන් ඔවුන්ගේ පළමු මැතිවරණයට ඡන්දය ප්‍රකාශ කරයි.


වත්මන් ජනාධිපති ඇඩමා බැරෝ ඇතුළු ජනාධිපති අපේක්ෂකයින් හය දෙනෙකු මේ වන විට තරඟ වදියි. මැතිවරණය බටහිර අප්‍රිකානු ජාතිල්ගේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා සඳහා වූ ලිට්මස් පරීක්ෂණයක් ලෙස සැලකේ.

රටේ ජනගහනයෙන් අඩකට ආසන්න ඡන්දදායකයින් එනම් 960,000ක් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටිති.

විරැකියාව, කොවිඩ් වසංගතයේ බලපෑමෙන් ආර්ථික ප්‍රකෘතිමත් වීම සහ හිටපු ජනාධිපති ජම්මේගේ දේශපාලන බලපෑම මෙම මැතිවරණයේ ප්‍රමුඛ අවධානයට ලක් වී  තිබේ.

ඡන්ද මධ්‍යස්ථාන කිහිපයකින් පිටත දිගු පෝලිම් නිර්මාණය වී ඇති නමුත් බොහෝ ඡන්දදායකයින් මුහුණු ආවරණ පැළඳ හෝ සමාජ දුරස්ථ පියවරයන් භාවිතා නොකරන බවයි වාර්තා වන්නේ.

ගැම්බියාවේ ප්‍රථමික ඡන්ද ක්‍රමය 1965 දී හඳුන්වා දුන්නේ රටේ නූගත්කම ඉහළ මට්ටමක පවතින නිසා  බැවින් අදටත් එය භාවිත කරයි. වර්ණ ඡන්දභාවිතය එයයි.

ඡන්ද මධ්‍යස්ථානයකට පැමිණි පසු සහ ඔවුන්ගේ හැඳුනුම්පත තහවුරු කිරීමෙන් පසුව, විවිධ අපේක්ෂකයින්ගේ පක්ෂ වර්ණවලින් වර්ණාලේප කර ඇති බැරලයක් වෙත ඡන්දදායකයෙකු යොමු කිරීම මෙහිදී සිදු වේ.

Yahya Jammeh  2017 දී ඔහුගේ  පරාජයෙන් පසුව එරටින් පලා ගියේය. ඒ සමග ගැම්බියාවේ හිටපු ජනාධිපති Yahya Jammeh ගේ වසර 22ක බලය  අවසන් විය.

1965 දී බ්‍රිතාන්‍යයෙන් නිදහස ලැබීමෙන් පසු ගැම්බියාවේ බලය සාමකාමීව භාර දුන් පළමු ජනාධිපතිවරයා ඔහු විය. 1965 මැයි මාසයේදී උපත Yahya Jammeh  1994 කුමන්ත්‍රණයකින් බලය අල්ලා ගත්තේය.

2013 දී ඔහු දෙවියන් වහන්සේ කැමති නම් “වසර බිලියනයක්” බලයේ සිටීමට කැමැත්ත පළ කළේය. අපරාධකරුවන්ට සහ දේශපාලන විරුද්ධවාදීන්ට මරණ දණ්ඩනය නියම කිරීමට ද ඔහු එවකට නියෝග කළේය.

2007 දී ඔහු කියා සිටියේ ඔහුට ඖෂධ පැළෑටි සමඟ ඒඩ්ස් සහ වඳභාවය සුව කළ හැකි බවයි. සමලිංගික පුද්ගලයින්ගේ හිස ගසා දමන බවට හෙතෙම 2008 දී අනතුරු අඟවා තිබිණි.

මේ දිනවල පැවැතෙන ගැම්බියානු  මැතිවරණයට අපේක්ෂකයින් හය දෙනෙකු තරඟ කරයි. ඇඩමා බැරෝ (ජාතික මහජන පක්ෂය) . ඔහු  වත්මන්  ජනාධිපතිවරයාය.

ඔසේනෝ ඩාර්බෝ (එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය), Essa Mbye Faal (ස්වාධීන), මමා කන්දේ (ගැම්බියා ප්‍රජාතන්ත්‍රවාදී කොංග්‍රසය), Abdoulie Ebrima Jammeh (ජාතික සමගි පක්ෂය), හලීෆා සල්ලා (නිදහස සහ සමාජවාදය සඳහා වූ මහජන ප්‍රජාතන්ත්‍රවාදී සංවිධානය)  මෙම අපේක්ෂකයන්ය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි