×

එංගලන්තයේ ඔමික්‍රොන් කොවිඩ් ප්‍රභේදය ව්‍යාප්තියේ ක්ෂණික වර්ධනයක් – ආසාදිතයින් 246 දක්වා ඉහළට!

කොවිඩ් වෛරසයේ විකෘතියක් හට ගැනීම මත බිහිවූ ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයින් සංඛ්‍යාවේ ක්ෂණික ඉහළ යාමක් එක්සත් රාජධානියෙන් වාර්තා වෙයි.


ඒ අනුව, ඔමික්‍රෝන් ප්‍රභේදයේ නව ආසාදිතයින් 86 දෙනෙකු එරටින් වාර්තා වී ඇති අතර, සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 246 දක්වා ඉහළ ගොස් තිබේ.

ඊයේ දින විට එක්සත් රාජධානියේ ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 160 ලෙස සටහන් වී තිබූ අතර, මෙසේ නව ආසාදිතයින් වාර්තා වීම හරහා එම සංඛ්‍යාව සියයට 50 කට වඩා ඉහළ ගොස් ඇති බව පෙනී යයි.

මෙම නව ආසාදිතයින් අතරින් පුද්ගලයින් 18 දෙනෙකුම ස්කොට්ලන්තයෙන් හමුවූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි