රුසියාව සතුරු රටවල ලැයිස්තුවක් ප්‍රකාශයට පත් කරයි !
රුසියාවට සතුරු රටවල ලැයිස්තුවක් ප්‍රකාශයට පත්කර තිබෙනවා. රුසියානු රාජ්‍ය අමාත්‍යංශය විසින් මෙම ලැයිස්තුව ප්‍රකාශයට පත්කර ඇත.
යුක්රේන අර්බුදය හා ඒ ආශ්රිත සිදුවීම්වලදී තමන්ට එරෙහිව මිත්‍රශීලී නොවන ක්‍රියාමාර්ග ගත් රටවල් ලෙස මෙම ලැයිස්තුවට ඇතුළත් රටවල් රුසියාව විසින් හඳුන්වා තිබෙනවා.
මෙම රටවලට අයත් සමාගම්වලට මෙන්ම පුරවැසියන්ටද එරෙහිව මින් ඉදිරියට රුසියාව එදිරිවාදී ප්‍රතිපත්තියක් අනුගමනය කරනු ඇත.
මෙම රටවල පුරවැසියන්ට වීසා ලබාදීමේදී සහ ව්‍යාපාරිකයන්ට රුසියාව සමග ව්‍යාපාර කටයුතුවල නිරතවීමේදී දැඩි සීමා පැනවෙනු ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා.
UN for LNW