පුරුෂයින්ට වඩා කාන්තාවන් අද ඇතිවෙමින් පවතින දේශ ගුණික විපර්යාසයන්ගේ අයහපත් බලපෑමේ ගොදුරු බවට පත්ව ඇති බව එක්සක් ජාතීන්ගේ සංවිධානය විසින් අනාවරණය කර ඇත.
එම සංවිධානය පෙන්වා දෙන ආකාරයට දේශ ගුණික විපර්යාසයන් හේතුවෙන් වාසස්ථාන අහිමි වූවන්ගෙන් 80%ක් කාන්තාවන් බවයි.
පවුල් සංස්ථාවක් තුළ ආහාර පිසීමේ සහ ඉන්ධන සපයා ගැනීමේ ප්‍රධානතම භාරකරු මෙන්ම මූලික වගකිවයුත්තා වන කාන්තාව දේශ ගුණික විපර්යාස හේතුවෙන් ඇතිවූ ගංවතුර මෙන්ම නියගයේදීද වඩ වඩාත් අපහසුතාවට පත්ව ඇත.
2015 වේ පැරිස් ගිවිසුම මඟින් මෙසේ පීඩාවට පත්වූ කාන්තාවන් සවිබල ගැන්විම සඳහා විශේෂ ප්‍රතිපාදන සළසන ලදී. ඒ පීඩනයට පත් වීමේදී එවුන් මුහුණ පා ඇති මෙම ලිංගික අසමානතා ගැන සැළකිල්ලක් දක්වමිනි.
මධ්‍යම අප්‍රිකාවේ දේශ ගුනික විපර්යාස හේතුවෙන් අතුරුදහන් වූ චාඩ් වැව නිසා එහි ස්ථිර පදිංචි කරුවන් වන දේශීය කණ්ඩායම් අතිශය පීඩනයකට පත්ව ඇති විශේෂයෙන්ම ලොව නියගය නිසා පිඩා විඳින අනෙක් රටවල කාන්තාවන් මෙන්ම මෙහිදීද ජලය හිඟවීම හේතුවෙන් කාන්තාවන්ට ජලය සොයා අඩි දහස් ගනණක් ඇවිද යන්නට සිදු ව ඇත.
බෙහෝ විට මෙහි පුරුෂයන් නාගරික ප්‍රදේශවලට සංක්‍රමණය වන අතර සිය ප්‍රජාවේ ඉතිරි අය බලා කියා ගැනිමේ වගකීම පැවරෙන්නේ කාන්තාවන් වෙතයි ඒ නිසාම දැඩි නියඟය පවතින දවස් වල පවා ඔවුන්ට ඉතා වෙහෙස වී වැඩ කරන්නට සිදුවනවා මෙන්ම ඒ සඳහා පවුලේ පිරිමින්ගේ සහය නොලැබේ.
මධ්‍යම අප්‍රිකාවේ පමණක් නෙව සමස්තලලෙස ගෝලීය කාන්තාව මුහුණ දී සිටින තත්ත්වය මෙය වෙයි. කාන්තාවන් මෙසේ පීඩනයට ලක් වනවා මෙන්ම සමාජ ආර්ථික බලය කාන්තාවට හිමිවන්නේ පුරුෂයාට වඩා අඩුවෙනි. මෙම හේතූන් නිසා දේශ ගුණික විපර්යාස විසින් බලපැම් සිදුව ඇති යටිතල පහසුකම් , රැකියා මෙන්ම නිවාස ආදී ප්‍රශ්න වලින් මිදෙන්නට කාන්තාවන්ට වඩාත් අපහසු වි ඇත.
2005 දී ඇතිවු කත්රිකා කුනාටුව නිසා අප්‍රිකානු, ඇමරිකානු කාන්තාවන් වැඩි පිරිසක් ලුසියානා ගංවතුර උවදුරේ ගොදුරු බවට පත් විය.
මුහුදු මට්ටම ඉහළ යෑම නිසා නිවු ඔර්ලීන්ස් හී න් තිබෙකාන්තාවන්ගේ තත්ත්වයද මේ වන විට න්රමයෙන් දරුණු අතට හැරෙමින් තිබේ. මේ තත්ත්වය අනුව දැනටමත් මෙහෙි වෙසෙන දුගී පවුල් වල හරි අඩකටත් වඩා කාන්තාවන් ප්‍රමානයක් තනිකඩ මවුවරුන් ය.
ස්වභාවි විපත් නිසාද ලෝකයේ වැඩි පීඩනයකට මුහුණ දෙමින් සිටින්නෝ කාන්තාවෝය. විශේෂයෙන්ම දේහ ගුණික විපර්යාසයන් මෙන්ම මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන්ද ස්වභාවික අපදා බහුල වෙමින් පවතී . ඒවායේ පිඩාවන්ටද වැඩි වශයෙන් මුහුණ දෙන්නේ කාන්තාවන්ය.
ඔක්ස්ෆාම් වාර්තාවට අනුව 2004 වසරේ ඇතිවූ සුනාමි තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාව, ඉන්දුනීසියාව සහ ඉන්දියාවේ ජීවිත බේරා ගත් පිරිමින්ගේ ප්‍රතිශතය කාන්තාවන්ට වඩා වැඩිය.
පිරිමින්ට කාන්තාවන්ටවඩා පිහිනීමේ හැකියාව තිබීමත් , කාන්තාවන් සිය දරුවන් හා ඥාතීන් බේරා ගැනීම සඳහා වැඩි අවධානයක් යොමු කිරීමත් මීට හේතු වී ඇත.
ලෝව සිදුවන විවිධ ව්‍යසන සහ විපත්තිද වැඩි වශයෙන් බලපෑම් දක්වන්නේ කාන්තාවන්ටයි.මෙහිදී කාන්තාවන්ගේ ආයු අපේක්ෂාව පිරිමින්ට වඩා අඩු මට්ටමක පවතී.