මෙවර හොඳම නලුවා වශයෙන් ජනප්රිය නලු විල් ස්මිත් තේරි පත් වූ අතර, හොදම නිලිය ලෙස Jessica Chastain සම්මානයට පාත්ර විය.
හොඳම චිත්රපටය බවට පත් වූයේ, Sian Heder අධ්යක්ෂණය කල CODA චිත්රපටයයි.
West Side Story චිත්රපටයේ රංගනයෙන් දායකත්වය දක්වන Ariana DeBose හොඳම සහාය නිලිය ලෙස සම්මානයට පාත්ර වූ අතර, හොඳම සහාය නලුවා වූයේ, CODA රඟ පෑ Troy Kotsur ය.
Jane Campion හොදම අධ්යක්ෂවරිය ලෙස සම්මානයට පාත්ර විය.
Encanto චිත්රපටය හොදම සජීවිකාරණ චිත්රපටයට හිමි සම්මනය දිනා ගත් අතර, No Time To Die හොදම චිත්රපට ගීතයට හිමි සම්මානය දිනාගත්තේය.
එම ගීය Billie Eilish විසින් ගායනා කරයි.
හොදම කොටි චිත්රපටය වූයේ The Long Goodbye චිත්රපටයයි.
Summer of Soul හොදම වාර්තා චිත්රපටයට හිමි සම්මානය දිනා ගත් අතර, හොදම සංස්කරනයට සහ හොදම ශබ්ද පරිපානයට හිමි සම්මානය Dune චිත්රපටය දිනා ගත්තේය.