බ්‍රිතාන්‍යයේ මීළඟ අග්‍රාමාත්‍යවරයා කවුරුන් ද යන වග එළඹෙන සඳු (05) දින උදෑසන නිවේදනය කිරීමට නියමිත බවට වාර්තා වේ.
බ්‍රිතාන්‍යයේ පාලක පක්ෂය වන කන්සර්වේටිව් පක්ෂය ඊයේ (02) දින නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ තම පක්ෂයේ නායකත්වය සඳහා පවත්වන නිලවරණයේ ප්‍රතිඵල එළඹෙන සඳු දින ප්‍රකාශයට පත්කරන බවයි.
මේ අතර, මැතිවරණ නිරීක්ෂකයන් පෙන්වා දෙන්නේ, බ්‍රිතාන්‍ය කන්සර්වේටිව් පක්ෂයේ නායකත්වය සඳහා තරඟ වැදුනු හිටපු මුදල් අමාත්‍ය රිෂි සුනාක් මහතා අභිබවා එරට විදේශ ලේකම් ලිස් ටෘස් ඉදිරියෙන් සිටින බවයි.
කුප්‍රකට පාර්ටිගේට් සිදුවීම සමඟ ඇවිලුනු බ්‍රිතාන්‍ය කන්සර්වේටිව් පක්ෂ අර්බුදය හමුවේ එරට අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් මහතා ධුරයෙන් ඉල්ලා අස් වූ අතර, මෙමඟින් පාලක පක්ෂය කෙරේ තිබූ ප්‍රසාදය බෙහෙවින් අඩු වීම සිදුවිය.
එමෙන්ම, එහි දේශපාලනික වාසිය ප්‍රධාන විපක්ෂය වූ ශ්‍රීමත් කියර් ස්ටාමර් ප්රමුඛ බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂයට හිමිවිය.
ඡායාරූප: රොයිටර්