×

Windows වලටත් Apple සේවාවන් හඳුන්වා දෙ​යි

මේ සමඟ windows පරිශීලකයින්ට apple eco system එකේ යම් පහසුකම් අත්විඳිය හැකිය.


Apple සමාගම Microsoft සමඟ එක්ව Windows 11 වෙත Apple සේවාවන් කිහිපයක් හඳුන්වා දී තිබේ.

ඔබගේ iCloud එකෙහි ඇති photos දැන් Windows 11 හි photos app එකේ ඔබේ පරිගණකයේ සහ OneDrive එකෙහි ඇති photos සමඟ දර්ශනය කිරීමේ හැකියාව මේ වන විට ලබා දී ඇත. මේ කළ යුත්තේ ඔබගේ Apple ID එක හරහා sign in වීමයි.

ඔබට location සියල්ලේම ඇති photos එකවර බැලීම සඳහා මේ අලුත් update එක මඟින් photos app එකේ “All Photos” ලෙසින් tab එකක් add කරමින් slide bar එක redesign කොට තිබේ.

Apple සමාගම Microsoft සමඟ තවත් බොහෝ දේවල් ද collaborate කර ඇති අතර Apple Music සහ apple TV සහ තවත් Apple Apps, Microsoft Store එක තුළින් download කර ගත හැකිය.

මේ සමඟ windows පරිශීලකයින්ට apple eco system එකේ යම් පහසුකම් අත්විඳිය හැකිය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි