×

එක රැයක් තුළ රුසියාවෙන් යුක්රේනයට ඩ්‍රෝන ප්‍රහාර 16ක්!

එක රැයකින් රුසියානු ඩ්‍රෝන යාත්‍රා 16ක් යුක්රේනයට...


රුසියාව විසින් එක රැයක් තුළ ඩ්‍රෝන ප්‍රහාර 16ක් යුක්රේනයට එල්ල කිරීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව, රුසියාව විසින් කමිකාසී වර්ගයේ ඩ්‍රෝන යාත්‍රා 16ක් යුක්රේනයට එවා ඇති බව යුක්රේන ගුවන් හමුදාව අද (30) දින නිකුත් කළ නිවේදනයක දැක්වේ.

එකී සියලු ඩ්‍රෝන යාත්‍රා විනාශ කර දැමීමට ද යුක්රේන ගුවන් හමුදාව කටයුතු කළ බව එම නිවේදනයේ සඳහන්.

තවද, මෙම ඩ්‍රෝන යාත්‍රා පැමිණ තිබෙන්නේ, යුක්රේනයේ උතුරු කලාපයෙන් සහ ගිනිකොනදිග කලාපයෙන් බව ද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

ඡායාරූප: BBC



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි