×

පිඹුරු ආත්මය යදින මිනිස්සු

මේ පුරාවෘත්තයේ සඳහන් අන්දමට ඈත අතීතයේදී එහි වාසය කර තිබෙන්නේ අබාස්සෙසේ ( Abassese) යනුවෙන් හඳුන්වනු ලැබූ ගෝත්‍රිකයන් පිරිසකි.


ස්සෙසේඉන්ද්‍රජාලික වන අඩවියක් ආසන්නයෙන් පිහිටි කුඩා දූවකි. හරියටම කිවහොත් එය උගන්ඩාවේ වික්ටෝරියා විලෙහි දූපත් අසූ හතරෙන් එකකි.  ස්සෙසේ දූපත් සමූහය කේන්ද්‍ර කරගෙන ගෙතුණු හරි අපූරු පුරාවෘත්තයක් තිබේ.

මේ පුරාවෘත්තයේ සඳහන් අන්දමට ඈත අතීතයේදී එහි වාසය කර තිබෙන්නේ අබාස්සෙසේ ( Abassese) යනුවෙන් හඳුන්වනු ලැබූ ගෝත්‍රිකයන් පිරිසකි. ඔවුහූ විශාල දේහධාරීහු වූහ. එමෙන්ම ඔවුහූ ශක්තිමත් අයවළුන් ද වූහ. ඔවුන්ගේ දේහවල විශාලත්වයත් ශක්ති සම්පන්න බවත් විශ්වාස කළ නොහැකි තරම්ය. එසේ වුවත් එයටත් වඩා පුදුමයක් ඔවුන්ගේ සම්භවය සමඟ බැඳී තිබිණ. එය අනෙකක් නොවඔවුන්ට අද්භූත ලෝකයක් සමඟ ඇතැයි කියන සම්බන්ධයකි. මේ කියන අද්භූත ලෝකය අලෞකික එකකැයි කියාත් සඳහන් වේ. අබාස්සෙසේ ගෝත්‍රිකයෝඑම්බිරිමු (Mbirimu) යනුවෙන් හඳුන්වනු ලැබූ ආත්මයක් ගැන විශ්වාස කළහ. මේ ආත්මය විවිධ වේශයන්ගෙන් පෙනී සිටීමේ හැකියාවෙන් යුතුය. මනුෂ්‍ය ආත්මවල සිට තිරිසන් සතුන්ගේ ආත්ම දක්වා වූ පුළුල් පරාසයක ඇති ආත්මවලින් පෙනී සිටීමේ හැකියාවක් එයට තිබෙන බව අබාස්සෙසේ ගෝත්‍රිකයෝ විශ්වාස කළහ. එක් කතාවක සඳහන් වන අන්දමට එම්බිරිමු හුදකලාව සිටි අවස්ථාවකදී කාන්තාවකගේ ශරීරිය තුළට රිංගාගෙන තිබේ. එම අද්භූත ආත්මය රිංගා ගැනීම හේතුවෙන් කාන්තාව ගැබ්බරව හිඳ පසුව පිඹුරකු සහ මනුෂ්‍යය දරුවකු බිහි කළාය. නිවුන් සොයුරන් හැටියට උපත ලද මේ පිඹුරා සහ දරුවා බුගලා (Bugala) නමින් හැඳින්වෙන දූපතෙහි වසමින් හැදී වැඩී තිබේ. බුගලා යනු ස්සෙසේ දූපත් සමූහයේ විශාලතම දූපතයි. පිඹුරා නම් කර තිබෙන්නේ ලුවාලා (Luwala) යන නමිනි.   

                                

මේ නිවුන් සොයුරන් උස් මහත් වූ පසු මනුෂ්‍ය සහෝදරයා තම පිඹුරු සහෝදරයා වෙනුවෙන් දේවාලයක් ඉදිකර තිබේ. පසු කලෙකදී අබාස්සෙසේ ගෝත්‍රික ජනයා ලුවාලාව අදහන්නටත් ලුවාලාගෙන් උපදෙස් ලබාගන්නටත් නැඹුරු වූහ. ලුවාලා අබාසසෙසේ ගෝත්‍රික ජනයාගේ ගැටළු විසඳන අන්දම ඈත ගම් දනව් දක්වා පැතිරී ගොස් ඇත. මේ නිසා ලුවාලා සොයාගෙන එන පිරිස දිනෙන් දින වැඩිවන්නට පටන් ගෙන තිබෙන්නේ පුදුමාකාර වේගයකිනි.

දිනපතාම වාගේ ලුවාලාව හමුවන්නට විශාල පිරිසක් එන බැවින් එසේ පැමිණෙන පිරිස සහ ලුවාලා අතර සම්බන්ධීකරණ කාර්යය කිරීමට ලුවාලාගේ මනුෂ්‍ය සහෝදරයා ඉදිරිපත් වී ඇත. රෝග සුවපත් කරන්නන් ස්සෙසේ දූපත් සමූහය ආශ්‍රිතව පසු කලෙක බිහිවන්නට පටන් ගත්තේ ලුවාලාගේ මේ ක්‍රියාකාරකම් පසුබිම් කරගෙන බව ජනප්‍රවාදයෙහි සඳහන් වේ. රෝග සුව කිරීමේ කාර්යයෙහි නියැලෙන පිරිස් ස්සෙසේ දූපත් සමූහයෙහි අද දක්වාම දකින්නට පුළුවන.

එමන්ඩ්වා” (emandwa) යනුවෙන් හැඳින්වෙන පුද්ගලයන්ට ලුවාලා සමඟ සංවාදයෙහි යෙදෙන්නට හැකි යැයි කියන විශ්වාසය ඇත. එමන්ඩ්වා යනු හිසෙහි අධ්‍යාත්මික ගුණයක් රැස්කර ගත් තැනැත්තා යන්නයි. සාමාන්‍ය ජනයාට එමන්ඩ්වා හරහා ලුවාලාට කතා කරන්නට පුළුවන් බව කියැවේ. වරකට සිටිය හැකි වන්නේ එක එමන්ඩ්වා කෙනෙකු පමණි. ඔහුව එම තනතුර සඳහා තෝරා ගැනෙන්නේ මුතුන්මිත්තන් සහ අධ්‍යත්මික බලය මඟිනි. එමන්ඩ්වා හැටියට තෝරා ගත් පුද්ගලයා ඔහුගේ ඉදිරි ජීවිත කාලයම ලුවලා වෙනුවෙන් කැප වී කටයුතු කළයුතුය.

බුගාලා දූපත සොයා ගැනීම ඉතා පහසුය. මඟී ප්‍රවාහන යාත්‍රාවකින් එන්ටෙබ්බේ (Entebbe) සිට පැයක පමණ කාලයක් ගමන් ගත් විට බුගලා දූපතට පිවිසෙන්නට පුළුවන. බුගලා දූපත සොයා ගැනීම එතරම් පහසු වුවත් එහි වසන වත්මන් එමන්ඩ්වා සොයා ගැනීම එතරම් පහසු නැත. ඔහුව හමුවන්නට අමුත්තන්ට සාමාන්‍යයෙන් ඉඩක් ලැබෙන්නේ ම නැත. බී.බී.සී. මාධ්‍යවේදී ඇමී ගිගි ඇලේක්සැන්ඩර් බුගලා දූපතට ගොස් තමන්ට එමන්ඩ්වා හමුවන්නට  අවශ්‍ය බව කියා එමන්ඩ්වාට පණිවුඩයක් යවා ඇත. ඇමී කළ මේ ඉල්ලීම කිසිදු වැදගැම්මකට නැති එකක් සේ සලකා එමන්ඩ්වා ප්‍රතික්ෂේප කළ බව සඳහන්  වේ. එසේ වුවත් දූපතේ නගරාධිපතිවරයා හරහා ඇමී කළ ඉල්ලීම එමන්ඩ්වා ප්‍රතික්ෂේප නොකළ බැව් ඇමී පවසයි. එකී අවස්ථාව උදාකර ගන්නට නගරාධිපතිවරයාට හොඳින්  සලකන්නට සිදුවුණු බව ඇමී පවසා තිබිණ. සැන්දෑව උදාවත්ම නගරාධිපතිවරයා සමඟ ඇමීට දූපතේ තැබෑරුමට රිංගා ගන්නට සිදුව ඇත. බදින ලද තිලාපියා මසුන් ආහාරයට ගනිමින් ද බීර බෝතල් හිස් කරමින් ද මධ්‍යම රාත්‍රිය ඉක්ම යනතුරු නගරාධිපතිවරයා සමඟ කල් මරන්නටත් ඇමී පසුබට වී නැත. නගරාධිපතිවරයා බීර මතින් ගණනකට පදම් වූ පසු ඇමී තමන්ගේ අවශ්‍යතාව නගරාධිපතිවරයාට දන්වා තිබේ.

ඇමීට එමන්ඩ්වා සිටින ඉසව්වට යන්නට ඉඩ ලැබී තිබෙන්නේ පසු දා උදෑසන ය. එමන්ඩ්වා සිටින තැනට ඇමීව රැගෙන ගොස් ඇත්තේ යතුරු පැදියකිනි. දූලි නිසා අපවිත්‍ර තත්ත්වයට පත් මාර්ගවලින් අක් වක් වෙමින් ගමන් ගත් යතුරු පැදිය අවසානයේදී මඩ සහිත අඩි පාරකට වැටුණු බව ඇමී පවසයි. මේ අඩි පාර වනලැහැබ් ගැවසුන එකක් වූ බව ඔහු කියා සිටී.

“…  මා අවසානයේදී ඉතා රහසිගත තැනෙක පිහිටි දේවාලයට ළඟා වුණා. මා එහි පැමිණි පසු තරුණ පිරිමි ළමයකු පැමිණ මාව පිළිගත්තා. මට කිව්වා පිඹුරු අධ්‍යාත්මය මා එහි පැමිණි වග දැනගත් බව. එසේ වුවත් මා හමුවන්නට පළමුව මුතුන්මිත්තන්ගේ අවවාද ලබා ගතයුතුයැයි කියා ඔහු මා සමඟ පැවසුවා .” – ඇමී වාර්තා කර තිබිණ.      

පැය කිහිපයකට පසු මට කතා කළා. මට ඇතුළට යන්න අවසරය ලැබුණා. එමන්ඩ්වා එහි පැමිණියා. ඔහු මා අපේක්ෂා කළ විධියේ කෙනෙකු නොවෙයි. ඔහු පැමිණ සිටියේ යතුරු පැදියකින්. ඔහු ඇඳගෙන සිටියේ අනෙක් හැමදෙනාම ඇඳගෙන ඉන්න විධියේ ඇඳුම් පැළඳුම්. – කමිසයක්කලිසමක් සහ ප්ලාස්ටික් බූට් සපත්තු කුට්ටමක්. මම “ලුබාලා සිමොන්” කියලා ඔහු ඔහුව හඳුන්වා දුන්නා. ඉන්පසු ඔහු දීප්තිමත් දුම් පයිප්පය අතට ගෙන එය දුම්කොළවලින් පිරෙව්වා. ඔබ හිඳගෙන ඉන්නේ ලුවාලාගේ නිවසේ කියලා ඔහු පැවසුවා. අනතුරුව ඔහු ඔහුගේ දෑත් චමත්කාර ජනක ලෙස පුළුල්ව විහිදෙව්වා. මෙතැන  තමයි පිඹුරු අධ්‍යාත්මය ජීවත් වෙන්නේකියලා ඔහු පැවසුවා. ….. මා රැඳී සිටි අවට පරිසරය දෙස මම බැලුවා. ඒක ගමක් වගේ. හෙල්ල වටකර ගත් ගිනි ගොඩක් ඈත. ගිනි ගොඩ තිබුණේ  සැරසිලි සහිත මඩුවකට ආසන්නයෙන්. පරිසරය නිශ්ශබ්දයි. මා හිඳගෙන සිටින්නේ විශේෂවූත් ශුද්ධවූත් තැනෙක කියලා මට දැනෙන්න පටන් ගත්තා.                        

එමන්ඩ්වාවරයකුගේ සිට ලුවාලා දක්වා වූ කාර්යයන් ලුබාලා සිමොන් විස්තර කරන්නට පටන් ගන්නේ මේ අතර වාරයේදී ය. 

” මම මගේ මුතුන් මිත්තන්ගෙන් ඇහුවා. වැඩිහිටියන්ගේ අධ්‍යාත්මවලින් විමසුවා. ඉන්පසු මම එකඟ වුණාමෙය කරන්න. අධ්‍යාත්මයට මා සමඟ කතා කරන්න වුවමණා  වූ විට එය මගේ හිසට පැමිණෙනවා. පසුව එය මා සමඟ සන්නිවේදනයේ යෙදෙනවා. එමන්ඩ්වාවරුන් කියන්න පුළුවන් කිහිපදෙනයි ඉන්නේ. …” කියා ලුබාලා සිමොන් කීවේය.  

රෝග සුවපත් කරන්නන් ගැන සඳහන් වන විවිධ කතා ඇත. ඔවුන්ට සර්වබලධාරී බලයක් ඇති අය කියාත් ලුවාලා සමඟ කතා කිරීමේ හැකියාවක් ඇති අය කියාත් ඒ කතාවල සඳහන් වේ. මෙවැනි සුවපත් කරන්නෝ මධ්‍යම සහ නැඟෙනහිර අප්‍රිකා රාජ්‍යවල ඉතා වැදගත් කාර්යයක් ඉටු කරති. උගන්ඩාවේ බුගන්ඩා ගෝත්‍රිකයන් බන්යෝරා ගෝත්‍රිකයන්ව පරාජය කරන්නට වරක්  සහය පැතුවේ එමන්ඩ්වාවරයෙකුගෙන් යැයි කියා පැවසේ. මේ පරාජය සඳහා එමන්ඩ්වා බුගන්ඩා ගෝත්‍රිකයන්ට මතුරන ලද යෂ්ටියක් ලබා දුන් බව ජනප්‍රවාදයේ සඳහන් ව ඇත. බුගන්ඩා ගෝත්‍රිකයන් අදටත් යෂ්ටියක් අත දරන්නේ ඒ සම්ප්‍රදාය සංකේතවත් කරනු පිණිසය.

 මිනිසුන්ගේ ස්පර්ශයට ලක් නොවූ බුස්වා වනාන්තරයේ පිහිටි පැරණි ශාක දැක බලාගනු පිණිස ඇමී යුහුසුළුව සිටියේය. ඔහු ඒ බැව් ලුබාලා සිමොන්ට පැවසූ විට ඇමීව එම වනබද පෙදෙසට රැගෙන යන්නට ඔහු එකඟ වී ඇත. ඇමී සහ ලුබාලා සමඟ මේ ගමනට තවත් පිරිසක් එක්ව සිටියහ. ඔවුන්ගෙන් වැඩි පිරිසක් එක්ව සිටියේ ආරක්ෂක කාර්යය වෙනුවෙනි. බුස්වා වනාන්තරය තවදුරටත් එදා පැවැති වනාන්තරය නොවන බව ඇමීට පැහැදිලි වී ඇත. එයට හේතුව වනන්තරය පාම් තෙල් නිෂ්පාදකයන් අතට පත්ව තිබීමයි. දූපතේ අනෙකුත් වනාන්තර මෙන් බුසාවා වන්නතරයෙන් සෑහෙන ප්‍රමාණයකුත් සාමන්‍ය තත්ත්වයකට වැටී ඇති බව ඇමී පෙන්වා දෙයි. වනාන්තරයේ මිනිස් ස්පර්ශයට එතරම් ලක් නොවුණ පෙදෙසක් කඳුකර දෙසට  වන්නට තවමත් ශේෂ වී තිබෙනු ඇමීට දැකිය හැකි විණ. බුගන්ඩා රජු සිය ජයග්‍රහණයට ලබන්නට පළමුව ජලය ලබාගත් ජල ධාරාව එහි තවමත් ඇත. වන සතුන්ට ගිනි බිඳීමත් ශාක බිම හෙලීමත් තහනම් කලාපයක් එහි තිබේ. එයට ආසන්නයෙන් වර්ග කිලෝමීටර භාගයක් තරම්වත් නැති භූමි සරියක් පුරා “නොඉඳුල් වනය” විහිදී තිබෙනු තමන් දුටු බව ඇමී  පවසයි.         

නොඉඳුල් වනය දැක බලා ගැනීමෙන් පසු ඇමී සහ පිරිස නැවත වරක් ලුබාලාගේ නිවෙසට පැමිණ ඇත. පිඹුරු ආත්මය වෙනුවෙන් විසි හතර පැය පුරාම ගිනි ගොඩක් පවත්වාගෙන යන සම්ප්‍රදාය ගැන ඇමීට දැනගන්නට ඉඩ ලැබෙන්නේ එහිදීය. විසි හතර පැය  පුරාම පිඹුරු ආත්මය එහි එහා මෙහා ගමන් ගන්නා බව ලුබාලා සිමොන් පවසයි. සෑම මොහොතකම ගිනි ගොඩ පවත්වාගෙන නොගියහොත් පිඹුරු ආත්මය අසංතෝෂයට පත්වන බවට මතයක් ඇත. ලුබාලා රාත්‍රියට නිදා ගන්නේද සිය නිවසේ දොර ජනේල ඇර තබා බව සඳහන් වේ. පිඹුරන් සත්‍ය වශයෙන්ම නිවෙසට පැමිණියත් ඔහු බිය වන්නේ නැත. ලුබාලාගේ දරුවෝද ඊට බියක් නොදක්වති. ඒ ඔවුන් ලුවාලා දරුවන් බැවිනි.

ලුබාලා සමඟ දේවාලයට යන්නටත් ඇමී ඉඩ ලැබී තිබේ. තණ කොළවලින් ආවරණය කළ වහලයක් සහිත මේ දේවාලයේ දොර අද්දර එකම එක දුම් වළාවකි. ඒ,දොර අද්දර තනා ඇති ගිනි ගොඩෙන් නැඟ එන දුමයි. දුම්කොළපබළුමුහුදු බෙල්ලන්කෝපි ඇට සහ මුදල්වලින් පුරවන ලද බඳුන් කිහිපයක් ඇමීට දේවාලය ඇතුළතදී දකින්නට ලැබී තිබේ. ඒවා පිඹුරු ආත්මය අදහන පුද්ගලයන් ලබාදුන් ත්‍යාග සහ ගෙවීම් ආදිය බව ලුබලාඇමීට පවසා ඇත. එවැනි භාක්තිවන්තයන් දේවාලයට පැමිණෙන්නේ තමන්ගේ ධනය වඩවා ගැනීමදරු සම්පත් ලබාගැනීම හෝ ආරක්ෂාවක් කර ගැනීම හෝ අපේක්ෂාවෙනි. තවත් සමහරු තමන්ට වෙන්නට යන අයහපතක් නවත්වාගැනීමට එහි පැමිණ යදිති.                          

පිඹුරු ආත්මය විශ්වාස කරගෙන මේ අන්දමට යැදීම් කරන පිරිස කෙතේදැයි කියා සංඛ්‍යාත්මක වශයෙන් කිව නොහැකි බව ඇමී පවසයි. 

ඡායාරූප සබැඳුම්  

http://www.bbc.com/travel/story/20170519-the-last-guardians-of-a-python-spirit



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි