සටහන – රෂිකා හෙන්නායක
අප්‍රේල් 05 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):අමෙරිකාවේ බොස්ටන්හි රික් ස්ලේමන් ඌරු වකුගඩුවක් බද්ධ කළ සාර්ථක සැත්කමෙන් සති දෙකකට පසු රෝහලෙන් පිටව ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
62 හැවිරිදි ස්ලේමන් පසුගිය වසරේ අගභාගයේදි වකුගඩු රෝගයේ දරුණුතම අවස්ථාවට මුහුණ පා සිටි අතර, මැසචුසෙට්ස් ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවකයකු වන ඔහුට ඌරු වකුගඩුවක් ඔහුට බද්ධ කිරීමට මැසචුසෙට්ස් රෝහලේ වෛද්‍යවරු තීරණය කර තිබිණි.
ජානමය වශයෙන් වෙනස් කරනු ලැබූ එම වකුගඩුව ස්ලේමන්ට තවත් වසර ගණනාවක් පූර්ණ සෞඛ්‍යසම්පන්නව ජීවත්වීමට අවස්ථාව උදා කරනු ඇතැයි සැත්කම සිදු කළ වෛද්‍යවරුන්ගේ විශ්වාසය වී ඇති බව වාර්තා වේ.
මීට පෙර අවස්ථා තුනකදී වකුගඩු රෝගීන්ට ඌරු වකුගඩු බද්ධ කර තිබුණද, එය සාර්ථක නොවූ බවත්, මෙවර ස්ලෙමන්ට සිදු කළ වකුගඩු සැත්කම මේ වන විටත් සාර්ථක ප්‍රතිඵල පෙන්නුම් කර ඇති බවත් රෝහල් බලධාරීන් නිවේදනය කර ඇතැයි වාර්තා වේ.
වැඩිදුරටත් වාර්තා වන්නේ, කෙසේ වුවද විවේකීව නිවෙසේ කාලය ගත කිරීමට නියමිත ස්ලේමන්ගේ සෞඛ්‍ය තත්ත්වය අඛණ්ඩව නිරීක්ෂණය කිරීමට ද මැසචුසෙට්ස් රෝහල් බලධාරින් තීරණය කර ඇය්හි බවයි.