ජපන් ජාතික ගුවන් නියමුවෙක් ලන්ඩනයේ හීතෘෘ ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගනු ලැබ තිබෙනවා.
ගුවන් තොටුපොළ පොලිසිය සඳහන් කරන ආකාරයට, ඔහු සාමාන්‍ය, එහෙමත් නැතිනම් නීතියෙන් අනුමත කරන රුධිරගත මධ්‍යසාර ප්‍රතිශතය වගේ 9 ගුණයක මධ්‍යසාර ප්‍රමාණයකින් සප්පායම් වී හිඳ තිබෙනවා.
බ්‍රිතාන්‍ය නීතිය අනුව ගුවන් නියමු ආසනයේ ඉඳගන්නවා නම්, රුධිර මිලි ලීටරයක මිලි ග්‍රෑම් 20කට වඩා මධ්‍යසාර තිබෙන්නට බැහැ. එහෙම තිබෙනවා නම් ඔහුට ගුවන් යානාව පදවන්නට දෙන්න බැහැ. නමුත් මේ ගුවන් නියමුවාගේ ශරීරයේ මධ්‍යසාර ප්‍රතිශතය රුධිර මිලිලීටරයකට මධ්‍යසාර මිලිග්‍රෑම් 189 ක්!
මේ ප්‍රතිශතය අන්තර්ගත වුණේ ගුවන් යානය පිටත් වන්නට විනාඩි 50කට කලින් තත්වය ලෙසයි.
ජැපැන් එයා ලයින්ස්, එහෙමත් නැතිනම් ජපන් ගුවන් සේවයේ ගුවන් නියමුවෙකු වන මේ 42 හැවිරිදි කත්සුතෝෂි ජිත්සුකාවා, ආශ්වාස පරීක්ෂාවට ලක් කළ සැණින් අත්අඩංගුවට ගෙන තිබුණා.
කොහොම කොහොම හරි ලන්ඩනයේ හීතෘෘ ගුවන් තොටුපොළේ සිට ජපානයේ තෝකියෝ නගරය දක්වා යාමට සැරසී සිටි JL44 ගුවන් යානය අවසානයේ විනාඩි 45 ක් ප්‍රමාද කරන්නට සිදුවුණා.
මේ ගැන ඔත්තුව ලැබුණු ආකාරයත් රසවත්. ගුවන් නියමු කාර්ය මණ්ඩලය ගෙන යන බස් රියේ රියැදුරාට මේ ගුවන් නියමුවාගෙන් මධ්‍යසාර ගඳ වහනය වන බව දැනී තිබුණා. පොලිසියට ඔත්තුව ලැබුණේ ඒ අනුවයි.
වළාකුළු අතරින් ගුවන් යානය පාවෙන්නේ ජීවිත සිය ගණනක් සමග බව අමතක කරන්නට සැරසුණු ජපන් ගුවන් නියමුවාට වැඩ වැරදුණේ එහෙමයි.