×

මේ අපේ ජනපති නොවෙයි ,වෙස් වළාගත් අයෙක් – නයිජීරියානුවන් තුන්මස් නිවාඩුවෙන් පසු නැවත පැමිණි ජනපති පිළිනොගනී…

‘‘මේ මම .. සැබෑම මම “ මුහම්මද් බුහාරි ජනපතිවරයා පොලන්තයේ පැවති හමුවකදී පවසා සිටියේය. ඒ අනුව තවත් පිරිසක් පවසන්නේ ජනපති වරයාට එරෙහිව විරුද්ධවාදීන් කුමන්ත්‍රණය කරමින් සිටින බවයි.


තෙමසක අසනීප නිවාඩුවකින් පසු යළිත් පසුගිය දා සිය වැඩකටයුතු ආරම්භ කළ නයිජීරියානු ජනපති මුහම්මද් බුහාරි ට ඔහු පැරණි ජනාධිපති වරයාම නොවේ යැයි ජනතාවගෙන් සමහරක් චොදනා කර සිටී.

ඔවුන් පවසන්නේ මේ මීට පෙර තමන්ව පාලනය කළ ජනපතිවරයා මිය ගිය බවත් නැවත පැමිණ ඇත්තේ ක්ලෝනකරණ තාක්ෂණය ඔස්සේ ඔහුගේ ස්වරූපය ගත් එ් හා සමාන වෙනත් පුද්ගලයෙක් බවයි.

දැඩි ලෙස අසාධ්‍යව පසුගිය 2017 වසරේ  ප්‍රතිකාර කටයුතු සඳහා බ්‍රිතාන්‍යයට ගොස් ඇති බුහාරි ජනපතිවරයා මේ වන විට නැවතත් පැමිණ ඇත්තේ මීළඟ ජනාධිපතිවරණයටද ඉදිරිපත් වී ජයග්‍රහණය කිරීමේ අරමුණිනි. ඔහු පවසන්නේ මෙම ක්ලෝනකරණ චෝදනාව තමන්ට එරෙහි කුමන්ත්‍රණයක් බවයි.

එරට බෙදුම්වාදී කණ්ඩායම් නායකයෙක් වන න්නාම්ඩී කානු මේ පිළිබඳව ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටින්නේ බුහාරි අසනීප තත්ත්වය හේතුවෙන් මේ වන විටත් මිය ගොස් ඇති බවත් ඔහු මිය ගිය පසු ඔහු වෙනුවට සුඩානයේ ජුබ්රිල් නැමැත්තා ප්ලාස්ටික් සැත්කමක් මඟින් බුහාරි‍ගේ වෙස්ගෙන ඇති බවත්ය.

මී ළග වසරේ පෙබරවාරියේ පැවතෙන ජනපතිවරණයේ ප්‍රචාරණ කටයුතු පසුගිය ඔක්තොබරයේ ආරම්භ වීමත් සමග මෙම බුහාරි ජනපතිවරයාගේ වෙස් මාරුවීමේ කථාන්දරය කරළියට ආයේය. දැන් සිටින ජනපතිවරයාගේ සහ පෙර සිටි ජනපතිවරයාගේ අංග ලක්ෂණ වෙන වෙනම පෙන්වමින් චෝදනා කරුවන් කියා සිටින්නේ මේ පැරණ ජනපතිවරයා නොවන බවයි.

‘‘මේ මම .. සැබෑම මම “ මුහම්මද් බුහාරි ජනපතිවරයා පොලන්තයේ පැවති හමුවකදී පවසා සිටියේය. ඒ අනුව තවත් පිරිසක් පවසන්නේ ජනපති වරයාට එරෙහිව විරුද්ධවාදීන් කුමන්ත්‍රණය කරමින් සිටින බවයි.

මුහම්මද් බුහිරි යනු නයිජීරියාව පාලනය කළ දැඩි නීති මාලාවක් අනුගමනය කළ හමුදාය ඒකාධිපති පාලකයෙක් විය. ඔහුට පෙර පාලකයන් අතර දූෂිත සාමාජිකයන් මෙන්ම බොකෝ හරාම් අන්තවාදී කණ්ඩායම් සාමාජිකයන්ද රටෙන් මුලිනුපුටා දමන්නට ඔහු සිය පාලන සමයේදී දැඩි පියවර ගන්නා ලදී



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි