ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු ගේ පුතු යායිර් නෙතන්යාහු ගේ ෆේස්බුක් ගිණුම තහනම් කිරීමට ෆේස්බුක් ආයතනය පියවර ගෙන ඇත. ඒ දිගින් දිගටම ඔහු විසින් මුස්ලිම් සහ පලස්තීන ජාතිකයන්ට විරුද්ධව විවිධ ප්‍රකාශන හා පළකිරීම් ෆේස්බුක් මාධ්‍යජාලය ඔස්සේ බෙදාහැරීම හේතුවෙනි.
පසුගිය සතියේ ෆේස්බුක් ආයතනය විසින් 27 හැවිරිදි යායිර් නෙතන්යාහුගේ ෆේස්බුක් ගිණුමේ තිබූ සියලු මුස්ලීම් ජාතිකයන්ට ඊශ්‍රායලය හැර යන්නැයි අවධාරණය කර තිබූ ප්රකාශනය ඉවත් කරන ලදී. එහිදි ඔහු ප්‍රසිද්ධයේ ප්‍රකාශ කර සිටියේ ෆේස්බුක් යනු ”අදහස් වල පොලීසියක් ” බවයි.
මින් පෙරද සිය පියාගේ විවේචකයෙකු වෙත අවමන් කිරීම සම්බන්ධව ඔහු විශාල වශයෙන් සමාජය තුළ මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ විවේචනයට ලක් වූ අතර සිය ප්‍රකාශන ෆේස්බුක් විසින් ඉවත් කිරීමට විරුද්ධව ඔහු විසින් ට්විටර් පණිවිඩ නිකුත් කිරීමෙන් අනතුරුව ෆේස්බුක් ආයතනය ඔහුගේ ගිණුම තාවකාලිකව තහනම් කිරීම සිදුකර ඇත.
ඔහු තවමත් පවසන්නේ සිය ප්‍රකාශන කිසිවක් ෆේස් බුක් නීති උල්ලංඝනය නොකරන බවයි.