×

ප්‍රසිද්ධ පුද්ගලයෙක් යනු කවුද…?

ප්‍රසිද්ධ පුද්ගලයෙක් යනු කවුදැයි ඇසූ විට ඉතිහාසය තුළ ලැබී ඇති වඩාත්ම අපූරු පිළිතුරකි, මේ.


අමෙරිකානු රේඩියෝවේ සම්භාව්‍ය යුගයේ හොඳම හාස්‍ය ශිල්පියා ලෙස සැලකෙන ෆ්‍රෙඩ් ඇලන් විද්‍යාත්මක හාස්‍ය රසය ලොවට බෙදූ අයෙකි. ගුවන්විදුලිය පිළිබඳ ඉතිහාසඥයකු වන ජෝන් ඩතින් වරක් ප්‍රකාශ කළ පරිදි ඉතිහාසයේ වඩාත්ම තහනමට ලක්වූ චරිතයක් ද වේ.

විධායක නිලධාරින් සමඟ නිතර පැටලුණු ඔහු, එහිදී හුවමාරු වූ ඇතැම් දෙබසක්ද රේඩියෝවෙන් ප්‍රචාරය වීමට ඉඩ හැරියේය. පසුකාලීනව ඔහු අමෙරිකානු රූපවාහිනි ක්ෂේත්‍රයට ද නොමද දායකත්වයක් ලබා දුන්නේය.

මේ නිසා හොලිවුඩය වොක් ඔෆ් ෆෝම් (walk of fame) ගෞරව නාමයද ඔහුට ලබාදීමට උත්සුක විය. ජනාධිපති ෆ‍්‍රෑන්ක්ලින් ඩී රූස්වෙල්ට් නවකතාකරු විලියම් ගෝක්නර් හා ජෝන් ස්ටෙයින් බෙක් ආදී ප්‍රසිද්ධ පුද්ගලයන් ඔහුගේ රසිකයෝ වූහ.

කොතරම් ප්‍රසිද්ධ ජනප්‍රිය අයකු වූවත්, ෆෙ‍්‍රඩ් ඇලන් දුටු ගමන් හඳුනා ගැනෙන අයෙකු නොවූයේ ඔහු ප්‍රධාන වශයෙන්ම ගුවන් විදුලි ක්ෂේත්‍රයට යොමු වී සිටි නිසාය.

ඇමරිකානු රේඩියෝ ඉතිහාසයේ ස්වර්ණමය යුගයට දායක වූ අයෙක් ලෙස ඔහුව අවිවාදයෙන් සැලකේ


Golden Age of American radio – ‍Fred Alan

එහෙත් ඔහු සිය වැඩසටහන්වලදී ප්‍රසිද්ධ පුද්ගලයන් හා ප්‍රසිද්ධිය නොමද උපහාසයට හා හාස්‍යයට ලක් කළේය. වරක් ඔහු ගැන ඒ ගැන කීවේ මෙසේ ය.

“ප්‍රසිද්ධ පුද්ගලයෙක් යනු, ප්‍රසිද්ධ වීම සඳහා ජීවිත කාලයම වෙහෙසී වැඩකර, ඉන්පසු පාරෙ තොටේ යනවිට මිනිසුන් ඔහුව හඳුනා ගැනීම වැළැක්වීම සඳහා කලු කණ්ණාඩි පළදින අයෙකි.”



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි