×

බුරුන්ඩියේ කිඹුල් මිනිසා …

මුලින් ඔහුට සිටියේ කිඹුලන් 8ක් පමණි . නමුත් මේ වන විට ඔහු සතු කිඹුලන් සංඛ්‍යාව 40කි.


ඇල්බට් න්ගෙන්ඩෙරා බුරුන්ඩි වැසියන් හදුන්වන්නේ කිඹුල් මිනිසා යනුවෙනි. මේ වන විට කිඹුලන් 40ක භාරකරු වූ මොහු ඔවුන්ව බලා කියා ගන්නේ සාතීශය සෙනහසිනි. වේලාවට කෑමද , ජීවත් වීමට සුවපහසු පරිසරයද සියල්ලම ලැබීමට බුරුන්ඩියේ කිඹුලන්ට වාසනාව ලැබෙන්නේ න්ගෙන්ඩරා කිඹුලන්ගේ ගැලවුම්කරු වීමත් සමගිනි.

අප්‍රිකානු රටක් වන බුරුන්ඩිය සිවිල් යුද්ධ හේතුවෙන් පරිහානියට පත් වන්නට පෙර එය සශ්‍රීක විය. ලොව දිගම මිරිදිය විල වූ බුරුන්ඩියේ ටැන්ගනිකා විල කිඹුලන්ට රජෙධානියක් වූයේ ඔවුන්ට ඇතිපදම් කෑම බීම එහි තිබූ බැවිනි. නමුත් සිවිල් යුද්ධයේ ප්‍රතිපලයක් ලෙස බුරුන්ඩියද ඇතුළ සබ් සහාරා අප්‍රිකානු රටවල් බෙහෝමයක් ආහාර හිගයෙන් ඇළලී ගියේය. බුරුන්ඩියේ දඩයක් කරුවන් කිඹුලන් මස් පිණිස අල්ලන්නට පටන් ගත්තේ ඉන් පසුවයි. වසර කිහිපයක් ගත වන විට කිඹුලන් යනු බුරුන්ඩියේ දුලබ සත්වයෙක් බවට පත්විය.

ඒ වන විටත් සුනඛයන් 10 දෙනෙකුගේ අයිතිකරු වූ න්ගෙන්ඩෙරා කිඹුලන්ට ආදරය කරන්නට පටන් ගත් පසු සුනඛයන් ගැන කීවේ මෙවැනි කථාවකි. ” සුනඛයන් මොකටද… ආරක්ෂාවටනම් හොදයි.. නමුත් කිඹුලන් කොයිතරම් හොඳද…බලං ඉන්න ප්‍රිය ජනකයි‘‘ යනුවෙනි.

දඩයක්කරුවන්ගෙන් බේරා ගෙන න්ගෙන්ඩෙරා දවසින් දවස එකින් එක කිඹුලන් ගෙදර ගෙනාවේය. මුලින් ඔහුට සිටියේ කිඹුලන් 8ක් පමණි . නමුත් මේ වන විට ඔහු සතු කිඹුලන් සංඛ්‍යාව 40කි. ඔහු පවසන්නේ බුරුන්ඩියෙන් සමුගන්නට හදන සත්ව වර්ගයක් තමන් බේරා ගත් බවයි. කොහේ හෝ ප්‍රදේශයක කිඹුලෙකු ඇල්ලුවහොත් ඔහු තමන්ට බාර දෙන ලෙස න්ගෙන්ඩෙරා බුරුන්ඩි වැසියන්ට දන්වා ඇත.

https://www.bbc.com/news/av/world-africa-46748982/meet-burundian-crocodile-breeder-ngendera-albert

මුලින් එක් කිඹූලෙක් මිලදී ගැනීමට ඔහු ඩොලර් 28ක් වැය කර ඇත. නමුත් තවත් සමහර කිඹුලන් ඔහුට නොමිලේ ලැබේ තවත් අය අලුත උපන් අයයි.
න්ගෙන්ඩෙරාගේ සිහිනය අනාගතයේදී සත්වොද්‍යානයක් ඇරඹීමටය . කිඹුලන්ද ඇතුළුව තමන් ඇති දැඩි කරන අනෙක් සතුන්ටද එහි සුව පහසුව ජීවත් වන්නට ඉඩ සැළසීමටය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි