×

ලෝකයේ භයානකම අතුරුපස – ‘යක්ෂයාගේ හුස්ම‘-“Respiro Del Diavolo” අයිස්ක්‍රීම්

ලෝකයේ භයානකම අතුරුපස නමැති අයිස්ක්‍රීමය නිෂ්පාදනය වී තිබෙන්නේ එළඹෙන වැලන්ටයින් දිනයේ ‘වැලන්ටයින් ස්පෙෂල්‘ එකක් ලෙස ය.


එහි නම ‘යක්ෂයාගේ හුස්ම‘ යි. එනම් ඉතාලි බසින් “Respiro Del Diavolo” ය. එය නිෂ්පාදනය කර තිබෙන්නේ ස්කොට්ලන්තයේ ග්ලාස්ගොව් හි පිහිටා තිබෙන ඇල්විච් කැෆේ නමැති අවන්හල විසිනි. තමන්ට මෙම අදහස ලැබුණේ ඉතාලියෙන් බව අවන්හල පවසයි. ‘‘ඉතාලියෙ තියෙනවා, ඩෙවිල්ස් බ්‍රිජ් කියල තැනක්. ලොව පුරා අයිස්ක්‍රීම් නිෂ්පාදකයන් හැම අවුරුද්දකම එතැනට එකතු වෙලා ලෝකය තමන් විසින් හැදුව අයිස්ක්‍රීම් රසබැලුව හැටි සමාලෝචනය කරනවා. යක්ෂයාගේ පාලම කියන නම ඇසුරෙන් තමයි, යක්ෂයාගේ හුස්ම කියන නම මේ අයිස්ක්‍රීම් එකට ලැබුණෙ.‘‘ යැයි ඔවුහු එහි ඉතිහාස කතාව කියති.

මෙය කොතරම් කට දනවාදැයි කියනවා නම් මේ අයිස්ක්‍රීමයේ රස බලන්නට නම් ඊට පෙර සම්පූර්ණ කළ යුතු කොන්දේසි ගණනාවක් තිබේ. එනම්, මෙහි රස බැලීමට නම් අනිවාර්යයෙයන්ම ඔබේ වයස අවුරුදු 18 ට වැඩි විය යුතුය. එනම් වැඩිහිටියන්ට මිස ළමුන්ට මෙය රස බැලිය නොහැකි ය.

අවන්හලේ සේවකයන් පවා, ස්කූප් මගින් මෙම අයිස්ක්‍රීම් පාරිභෝගිකයන්ට බෙදා දිය යුත්තේ අත්වැසුම් පැළඳගෙන ය. සීතල නිසා හෙම නොවේ. ගෑවුණොත් එය ඒ තරම්ම දැවිල්ල නිසා ය.

මේ අයිස්ක්‍රීම් අවන්හලට තමන්ගේ ලෝක ප්‍රසිද්ධ නිෂ්පාදනය නිසා දැන් හරි ආඩම්බර ය. එහි හිමිකරු මාටින් බැන්ඩෝනි මෙසේ කියයි. ‘‘මේකෙ වට්ටෝරුව රහසක්. අපෙන් පස්සෙ අපේ පුතාලට තමයි, ඒ රහස් වට්ටෝරුව අපි දෙන්න ඉන්නෙ..!“ කෙසේ නමුත් මේ සඳහා තමන් යොදාගත්තේ 1936 වසරේ පටන් යොදාගැනෙන සම්ප්‍රදායික ඉතාලි කෑම වට්ටෝරුවක් බවද ඔවුහු හෙළි කරති. ග්ලාස්ගොව් වැසියන් ස්වභාවයෙන් ම කට දන කෑම සහ අතුරුපසට කැමති නිසා තමන්ට මෙම ව්‍යාපාරය සම්බන්ධයෙන් විශාල බලාපොරොත්තු තිබෙන බවත් ඔවුහු කියති.

ඔවුන් මෙයට නියම කර තිබනේනේ සාමාන්‍ය අයිස්ක්‍රීම් එකකට තිබෙන වටිනාකම ම ය.

” ‘‘මේ වගේ අයිස්ක්‍රීම් වර්ගයක හැන්දක් සමග වයින් වීදුරුවක රස බැලුව අය පමණයි, එහි රහස දන්නෙ..‘‘ මිරිස් යනු යුරෝපා සංස්කෘතිය තුළ කාමෝද්දීපක අමුද්‍රව්‍යයක් බව ද ඔහු මතක් කර දෙයි. “

මිරිස් හෙවත් චිලී පෙපර්ස්වල දැවිල්ල මනින සම්මත පරිමාණයක් සහ ඒකකයක් තිබේ. එය නම්, ස්කොවිල් පරිමාණය සහ ස්කොවිල් ඒකකයයි. ( Scoville scale -SHU ) ය. යක්ෂයාගේ හුස්මේ ස්කොවිල් පරිමාණය ඒකක ගණන 1,569,300 කි. (1,569,300 SHU කි!) එනම් ස්කොවිල් ඒකක පහළොස් ලක්ෂයකට ද වඩා වැඩි ප්‍රමාණයකි. මේ ප්‍රමාණය සාපේක්ෂව සිතා බැලුවහොත් සාමාන්‍ය මිරිස් සෝස් එකක කටදැවිල්ල මෙන් 500 ගුණයකට ද වඩා ප්‍රබල ය.

තවද මෙහි රස බැලීමෙන් පසු සිදුවන්නට ඉඩ ඇති අකරතැබ්බයන් ගැන සමාගම විසින් වගකියනු නොලැබේ. එනිසා මෙය මිලදී ගැනීමට ප්‍රථම ඔබ විසින් අයිස්ක්‍රීම් සමාගම ‘වගකීමෙන් මුක්ත කරන‘ නීතිමය ලියවිල්ලකට ද අත්සන් තැබිය යුතුම ය. එහි දැක්වෙන නීතිමය කොන්දේසියේ සිංහල පරිවර්තනය මෙසේ ය. ‘‘මෙයින් ඇති විය හැකි පුද්ගලික හානිය, රෝගාබාධ සහ ජීවිතය අහිමි වීම්වලට ද වග කියනු නොලැබේ‘‘!!

“could be a risk of personal injury, illness and possible loss of life.”

ඉතින් මැරෙන්න බලාගෙන ආදරවන්තයන්ගේ දිනයට නයිමිරිස් අයිස්ක්‍රීම් කන්නේ කවුද? අවන්හල නම් කියන්නේ දැනටමත් තමන්ට හොඳ ඉල්ලුමක් තිබෙන බවයි.

එපමණකින් නොනැවතෙන ඔවුන් ඒ සඳහා හොඳ හේතුවක් ද කියති. ඉතාලි ජාතිකයන් කදිම ප්‍රේමවන්තයන් බව අපි දනිමු. අවන්හල මෙසේ කියයි. ‘‘ඉතාලි තරුණයො තමන්ගේ පෙම්වතිය හෝ බිරිඳ එක්ක ගෘංගාරාත්මක සන්ධ්‍යාවන් ගත කරන්න හරිම කැමතියි. අන්න ඒ වගේ අවස්ථාවල ඔවුන් මේ අයිස්ක්‍රීම් එක තෝරගන්නවා. මේ වගේ අයිස්ක්‍රීම් වර්ගයක හැන්දක් සමග වයින් වීදුරුවක රස බැලුව අය පමණයි, එහි රහස දන්නෙ..‘‘ මිරිස් යනු යුරෝපා සංස්කෘතිය තුළ කාමෝද්දීපක අමුද්‍රව්‍යයක් බව ද ඔහු මතක් කර දෙයි.

මේ ‘වැලන්ටයින් දිනය සඳහා ම තැනූ‘ හෙවත් ‘වැලන්ටයින් ස්පෙෂල් එක‘ රස බැලිය හැක්කේ පෙබරවාරි 14 වැනිදා වන තෙක් පමණි. එනිසා, උනන්දු කෙනෙක් සිටිනවා නම්, ඉක්මන් කරන්න! තවමත් මෙය රස බලා මිය ගිය කෙනෙක් ගැන නම් අසන්නට ලැබී නැත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි