මිනිස් ලෝකයේ අපිට බකමූණා යනු රාත්‍රියේ අවදියෙන් සිටින හ්ම්…. හ්ම්…. හ්ම්…. විතරක්ම කියන අමුතු සතෙකි. ඔහුව මතකයට නැගෙන්නේ නිහඩ මිනිසෙකු දුටු විටත් රාත්‍රියේ අවදියෙන් සිටින්නෙක් දුටු විටත්ය. කෙසේ වෙතත් සැබවින්ම බකමූණා යනු සුන්දර මෙන්ම නිහතමානී මෙන්කුම හුදෙකලා කුරුල්ලෙකි. ඔහුගේ විද්‍යාත්මක නාමය වන්නේ Strigiformes ය.
රාත්‍රියේ අවදියෙන් සිටින නිසාමදෝ මිනිස් අපට වඩා බකමූණා ගේ පෙනීම පස්ගුණයකින් වැඩිය. මීට ප්‍රධානතම හේතුව නම් බකමූණා ගේ ඇසෙහි එක් මිලිමීටරයක අඩංගු “කෙතු” සෛල හා “යෂ්ටි” සෛල සංඛ්‍යා 10,000 පමණ වීමය. (මිනිසුන්ගේ මේ සෛල ප්‍රමාණය 2000 කි.) ඒ නිසාම ඕනෑම දෙයක් ගැන හොඳ පෙනීමේ ශක්තියක් හා ඇසීමේ ශක්තියක් බකමූණන්ට උපතින්ම උරුමය.
අවුරුද්දේ මුල් මාස වල විශේෂයෙන්ම මාර්තුවේ බකමූණු කුරුල්ලා හා කිරිල්ලය එකතු වී කූඩු තනන්නේ අනාගත බලාපොරෝත්තුද ඇති වය. ඒ අප්‍රේල් මාසයේදී බකමූණු කිරිල්ලී ය බිත්තර දැමීම අරඹන නිසාවෙනි. බකමූණූ කිරිල්ලිය ඉතා සෙනෙහසින් කූඩුව පුරාම මේ බිත්තර සීරුවෙන් අතුරයි.
බකමූණු බිත්තර සුදු පාටය අනෙක් බෙහෝ කිරිල්ලියන් මෙන්ම සිය බිත්තර රකින්නට ඔවුන් දවස පුරා කැදැල්ලේ වෙසේ. බකමූණු කුරුල්ලා ඇයට ආහාර ගෙන ඒම අනිවාර්යයකි.
බිත්තරයෙන් පුංචි බකමූණු පැටවුන් එළියට පැමීමට සති 4ක් එනම් මාසයක් ගත වේ. එතැන් පටන් බකමූණු කුරුල්ලාටත් කිරිල්ලියටත් රාජකාරිය වන්නේ සිය පැටවුන් ප්‍රවේසම් කිරීමය. සති හයකින් පසුව තම දෙමවුපියන්ගෙන් බොහො දේ ඉගන ගැනීමට මේ පුංචි පැටවුන් සමත් වෙති. රාතී‍්‍ර කාලයේදී තම දඩයම් සොයා ගැනීමට බකමූණෝ වෙහෙසෙති. මීයා බකමූණාගේ ඔවුන ගේ ප්‍රධාන ආහාරයයි. බකමූණු වර්ග බොහොමයකි. 200කටත් අධිකය.
හිම බකමූණා Snowy owl සුරතල් පෙනුමෙන් යුක්තය. ආර්ක්ටික් ප්‍රදේශයේ වෙසෙන මොවුන් පැහැයෙන් සුදුය. ශීතලට ඔරොත්තු දෙන අයුරින් ඔවුනගේ ශරීරය සැකසී තිබේ.
ටාව්නි බකමූණො Tawny owl දවසේ වැඩි කාලයක් නිදාගනිති. මේ බකමූණු වර්ගය දුර්ලභ වඳවී යන බකමූණු විශේෂයකි. එමෙන්ම ඇමරිකන් බරෝමින බකමූණන් ජීවත් වන්නේ පොළොව තුළ වළවල් හාරාගෙනය.
කුඩා එල්ෆ් බකමූණන්ගේ ජීවිතය ද හරිම අපූරුය. මේ බකමූණන් ගේ නිවාස තනන්නේ නැත. ඔවුන් ජීවත් වන්නේ කොට්ටෝරු බෙන වලය. හිමිදිරි පාන්දර කොට්ටෝරුවෝ ආහාර සොයා ඉගිල යති. එවිට එල්ෆ් බකමූණො කොට්ටෝරු කූඩුවල ලැගුම් ගනිති. දහවල් කාලයේ කොට්ටෝරු කූඩුවල හොඳින් නිදාගන්නා බකමූණෝ, කලුවර වැටී එන විට කොට්ටෝරු කැදලි වලින් ඉගිලී යති.
ඊගල් බකමූණා Eagle owl ගාමිභීර පෙනුමින් යුක්ත වේ. මේ ඊගල් බකමූණා ගේ නෙත් තැඹිලි පාටය. නරියන් මුවන් වැනි සතුන් ආහාරයට ගැනීමට මොවුහු බොහෝ සේ පි‍්‍රයකරති. උතුරු ඇමරිකාවේ මෙන්ම යුරෝපයේ උතුරු කැලෑවල මේ ඊගල් බකමූණා වාසය කරයි.
ග්‍රෙට් හෝන්ඩ් Great horned owl බකමූණන් විශාල උකුස්සකුගේ හැඩය ගනී. මේ බකමූණන් ගොදුරු කරගන්නේ හාවුන්, කුරුල්ලන් වැනි සතුන් ය.
බාර්න් Barn Owls බකමූණා ගේ මුහුණ හදවතක හැඩය ගනී. ඔවුන්ගේ ඇස් විශාලය. ඉතාමත් දීප්ති වූ මේ ඇස් සුසිනිඳු පිහාටු අතර සැඟ වී තිබේ.