තායිලන්තයේ අගනුවර වන බැංකොක් හී සියළු පාසැල් එළැඹෙන සතිය තුල වසා තැබීමට බලධාරීන් පියවර ගෙන ඇත.
ඒ මේ වන විට බැංකොක් නගරය හා ඒ ආශ්රිත තවත් නගර කිහිපයකම වායු දූෂණ මට්ටම ඉහළ යමින් පැවතීම හේතුවෙනි.
ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පරිසර දූෂණය නිරීක්ෂණයන් සදහා යොදා ගැනෙන දර්ශකයක් වන The Air Quality Index හෙවත් වායු තත්ත්ව දර්ශකයේ මට්ටම 25ට අඩු තත්ත්වයන් මිනිස් වාසය සදහා සුදුසු බවට නියම කර ඇත.
මෙම දර්ශකයට අනුව බැංකොක් නගරයේ පවතින මට්ටම 175 ලෙස නිරීක්ෂණය කර ඇත.
මෙම තත්ත්වය මත දරුවන්ව පරිසරයට අනාවරණය කිරීම කිසිසේත් සුදුසු නොවීම හේතුවෙන් නැවත දැනුම් දෙන තුරු මෙසේ පාසැල් වසා දමන්නට එරට රජය තීරණය කරනු ලැබීය.
මෙම වායු දූෂණ මට්ටම පාලනය සදහා ඩ්‍රෝන යන්ත්‍ර යොදා ගැනීමට පියවර ගනිමින් සිටින තායිලන්ත රජය කෘතිම වර්ෂාවන් මගින්ද මෙම තත්ත්වය පාලනය කිරීමට මීට පෙර පියවර ගන්නා ලදී.
මෙම තත්ත්වය හේතුවෙන් එරටට පැමිණෙන සංචාරකයන් ද .අඩුවෙමින් පවතින බව බලධාරීන් පවසයි.