×

ශ්‍රී ලංකාවට අළුගෝසුවන් උවමනා ය!

නවක අළුගෝසුවන් බඳවා ගැනීම සඳහා පුරප්පාඩු කැඳවා තිබේ.


මත්ද්‍රව්‍ය ජාවාරම වැළැක්වීම සඳහා එල්ලා මැරීමේ දඬුවම ක්‍රියාත්මක කිරීමට ගෙන ඇති තීරණයට සමගාමීව කඩිනම් කර ඇති මෙම බඳවා ගැනීම් කාර්යපටිපාටියට අනුව අදාළ අපේක්ෂකයන් වයස අවුරුදු 18 ත් 45 ත් අතර, ශ්‍රී ලාංකික පිරිමි අයවලුන් විය යුතු අතර, ‘යහපත් චරිතයකින් යුක්ත වීම‘ අනිවාර්ය සුදුසුකමකි.

‘‘යහපත් චරිතයකින් යුක්ත විය යුතු අතර, චරිත දූෂණයට අදාළ වරදක් සම්බන්ධයෙන් ඕනෑම අධිකරණයකින් වරදකරු කරනු ලැබීම නුසුදුසු කමක්‘‘ යැයි අදාළ රජයේ රැකියා පුරප්පාඩුව සඳහන් පුවත්පත් දැන්වීම්වල දැක්වේ.

අළුගෝසු තනතුරේ වැටුප් පරිමාණය මසකට රු. 36,310 ක් පමණ වේ.

පිලිපීන ජනපති රොඩ්‍රිගෝ ඩුටර්ටි සමග පැවැත්වූ හමුවේ ප්‍රතිඵලයක් ලෙස ගත් මෙම තීරණය අනුව, ඉදිරි මාස 2 තුළ මරණ දණ්ඩනය ක්‍රියාත්මක වීම ආරම්භ වනු ඇත.

ශ්‍රී ලංකා නීතිය අනුව මත්ද්‍රව්‍ය ජාවාරම මරණ දණ්ඩනය ක්‍රියාත්මක විය හැකි වරදකි. නමුත් 1976 වසරෙන් පසු කිසිවෙකු එල්ලා මැරීම සඳහා විධායක ජනාධිපතිවරයා සිය අත්සන යෙදුවේ නැත. එතැන් පටන් මරණ දණ්ඩනයෙන් දඬුවම් ලබන අපරාධකරුවන්, ජීවිතාන්තය දක්වා සිරදඬුවම්වලට යටත් කෙරිණි.

ශ්‍රී ලංකාව මේ වන විට මරණ දණ්ඩනය නැවත ක්‍රියාවට නැංවීම සම්බන්ධයෙන් බරපතළ ජාත්‍යන්තර පීඩනයට මුහුණ දෙමින් සිටින්නේ, ශිෂ්ට සහ මානව හිමිකම් අනුදක්නා ලෝකය තුළ මරණ දණ්ඩනය හෙළා දකින බැවිනි.

ශ්‍රී ලංකාවේ අවසන් අළුගෝසුවා 2014 වසරේදී කිසිවෙකු එල්ලීමෙන් තොරවම සිය රැකියාවෙන් විශ්‍රාම ලැබුවේ පෝරකය නිරන්තරයෙන් දර්ශනය වීම නිසා තමන් මහත් මානසික ආතතියකට පත් වූ බව පවසමිනි. අනතුරුව තවත් අයෙක් සේවයට බඳවා ගත්තද, ඔහු කිසිදාක සේවයට වාර්තා කළේ නැත.

Sky News



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි