‘‘කිසිවෙකු එයින් පොහොසත් වන්නේ නැහැ“ යැයි ද ඒ සඳහා පක්ෂව ඡන්දය දුන් කොසෝවෝ පාර්ලිමේන්තු සාමාජිකයෝ කියා සිටියහ.
අති විශේෂ පාර්ලිමේන්තු සැසි වාරයකදී පැවැත්වූ මෙම ඡන්ද විමසීම 74-0 ක් ලෙස අවසන් වූයේ, දින 30 ක් ඇතුළත සූදුව සහ කැසිනෝ දැඩි පාලනයකට යටත් කිරීම සඳහා නීතියක් කෙටුම්පත් කරන තෙක් රට තුළ එම ක්‍රියාකාරකම් තහනම් කරමිනි.
මෙම යෝජනාව සභාගත කරන ලද්දේ කොසෝවෝ හි ඩිමොක්රටික් ලීගයේ මන්ත්‍රීවරයෙකු විසිනි.
‘‘සූදු ක්‍රීඩාව විසින් පුරවැසියන් ව ග්‍රහණය කරගෙන තිබෙනවා. කිසිම කෙනෙක් මේ නිසා ධනවත් වී නැහැ.“ යැයි ඔහු එහිදී පැවසුවේය.
කොසෝවෝ රාජ්‍යය සූදුව සහ කැසිනෝ සඳහා ඉමහත් ප්‍රසිද්ධියක් උසුළයි. 2018 වසෙර්දී පමණක් කොසෝවෝ රේගුව විසින් මෙම කර්මාන්තය සඳහා අවශ්‍ය වන ආනයනය කළ භාණ්ඩවලින් යූරෝ මිලියන 18 ක ආදායමක් ලබා තිබේ. කොසෝවෝ රාජ්‍යය සිය පුරවැසියන්ගේ ආර්ථික පිරිහීම ගැන සිතමින් මේ පියවර ගෙන තිබෙන්නේ එකී ආදායම ද නොසලකා හරිමිනි.
පසුගිය වසරේ අසල්වැසි ඇල්බේනියාව ද කැසිනෝ සහ සූදුව මුළුමනින්ම තහනම් කළේය. එතැන් පටන් එහි නිරත වන්නන් කොසෝවෝ වෙත පැමිණීම නිසා, කොසෝවෝ හි ඒ සඳහා පැවති වෙළඳපොළ ද විශාල වශයෙන් ප්‍රසාරණය විය.