×

වසංගතයේ සියවසක අතීත ආවර්ජනය – සවන් දෙමු පොඩ්කාස්ට් සංවාදයකට

ඉතිහාසය පුරා ලොව තුළ හටගත් වසංගතයන් පිළිබඳ අනේක විධ සංවාද අසා ඇති අප මොහොතකට වත් එකක ට මුහුණ දීමට සිතුවාද?


කොවිඩ්-19 වසංගතයේ පෙර නිමිති ලොව දුටුවාද?

දැක නොදැක්කා මෙන් සිටියා ද?

ලොවක් ලෙස අප වරදා ගත්තේ කොතැනද?

ඉතිහාසය පුරා ලොව තුළ හටගත් වසංගතයන් පිළිබඳ අනේක විධ සංවාද අසා ඇති අප මොහොතකට වත් එකක ට මුහුණ දීමට සිතුවාද?

මේ වන විට ලොව පුරා කොවිඩ් මරණ ලක්ෂ පහ ඉක්මවා තිබේ.

වසංගත තත්ත්වය පාලනය කිරීමෙහි ලා විවිධ රාජ්‍යයන් අනේකවිධ කැපවීම් සිදුකරනු ලබයි.

මීට පෙර ලොව තුළ හටගත් වසංගතයන් මොනවා ද? ඊට අප මුහුණ දුන්නේ කෙසේද?

මේ පිළිබඳ සාකච්ඡා කිරීමට වෛද්‍ය ඉතිහාසඥ හා මාධ්‍යවේදියකු වන මාර්ක් හොනිග්ස්බම් මහතා සිය The Pandemic Century ග්‍රන්ථය ඇසුරින් බීබීසිය වෙත ලබා දෙන විග්‍රහයක් පොඩ්කාස්ට් තුළින් පළවී තිබේ.

ඒ තුළින් කොවිඩ් වසංගතයට පෙර වසර 100 ක අතීත ආවර්ජනයක් තුළින් ලොව පුරා වසංගතයන් හටගත් ආකාරය පිළිබඳ විවරණයක් අප වෙත ලබා දෙයි.

මෙම පොඩ්කාස්ට් සංවාදය ඇසීමට පිවිසෙන්න:



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි