×

දකුණු වියට්නාමයේ ජලාශයක මත්ස්‍යයින් විශාල සංඛ්‍යාවක් මිය යයි!

මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය ගොස් ඇති ආකාරය දැකගත හැකියි.


සටහන – රෂිකා හෙන්නායක

මැයි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගිනිකොනදිග ආසියාවේ පැතිර යන තාප තරංගයක් හේතුවෙන් ජලාශයක මත්ස්‍යයින් විශාල සංඛ්‍යාවක් මිය ගිය පුවතක්  වියට්නාමයෙන් වාර්තා වේ.

මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය ගොස් ඇති ආකාරය දැකගත හැකියි.

මෙම ජලාශය භාර කළමනාකරුවන් නිසි ලෙස ජලය කළමනාකරණය නොකළ බවත්,මත්ස්‍යයින් මිය යාමට කළමනාකරුවන් වගකිව යුතු බව ප්‍රදේශවාසීන් හා මාධ්‍ය චෝදනා කරයි.

මේ දිනවල ජලාශයේ ප්‍රතිසංස්කරණ කටයුතු ද සිදු වන අතර ඒ හේතුවෙන් ජලය බොහෝ ප්‍රමාණයක් නිකරුනේ පිටකර ඇති බවද සඳහන්වේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි