×

මේ ‘පරිසමාප්ත මිහිතලය‘ බේරාගැනීමට තවම වේලාව ඇත. එහෙත් ඒ වේලාව ‘මේ දැන්‘ ය! – ශ්‍රීමත් ඩේවිඩ් ඇටෙන්බරෝ A Perfect Planet සමග ඔබ හමුවට

මිනිසුන් කොතරම් අධිපතිවාදී දැයි කියනවා නම්, සොබාදහමේ බලවේගයන් කඩාකප්පල් කරමින් ඔවුහු මේ මිහිතලය විනාශ කරමින් සිටිති.


එසේ පවසන්නේ ශ්‍රීමත් ඩේවිඩ් ඇටෙන්බරෝ ය.

ඔහු පෘථිවිය හඳුන්වා දුන්නේ ‘අපේ පරිසමාප්ත ග්‍රහලෝකය‘ යනුවෙනි.

‘‘අපේ මේ පරිසමාප්ත  ග්‍රහලෝකය බේරාගන්නට නම් මේ දැන්ම අපි ක්‍රියාත්මක විය යුතුයි..‘‘ යැයි ඔහු පවසන්නේය. A Perfect Planet යනුවෙන් මේ පරිසර ප්‍රේමියා විසින් නව වාර්තා චිත්‍රපට මාලාවක් නිෂ්පාදනය කර තිබේ. ඔහු විසින් පිටපත් රචනය කර ඉදිරිපත් කළ අද්වීතීය පාරිසරික කතා මාලා වන Planet Earth, The Frozen World යනාදියෙන් පසු ඔහු අප හමුවන්නේ මේ ‘පරිසමාප්ත  මිහිතලය‘ කතා මාලාවෙනි.

A Perfect Planet, මහාද්වීප හයක් පුරා විසිරී ඇති රටවල් 31 කදී රූගත කර තිබේ. ඒ සඳහා වසර 4 ක් වැය වී තිබේ. දැන් වයස 94 ක් වන මේ මහා පරිසර ප්‍රේමියාගේ, ඔහුටම අනන්‍ය වූ පසුබිම් කථනයෙන් සහ ඉදිරිපත් කිරීමෙන් මෙම වාර්තා චිත්‍රපට මාලාව හැඩවී ඇත.

ගිනිකඳු, හිරුඑළිය, කාලගුණය සහ සාගර විසින් ශක්තිය විදින හැටි එහිදී විමසා බලයි. ඒ සියල්ල සිදුවුණේ මිහිතලයේ ‘බලගතුම එපිසෝඩය‘ ලෙස මිනිසා බිහිවන්නට පෙරාතුව ය.

‘‘ඒ පරිසමාප්ත මිහිතලයේ වාර්ෂික කාලගුණික රටාවන් වසර දහස් ගණනක් තිස්සේ ස්ථායි ලෙස පැවතුණා. එහි ස්ථායිතාවය මත තමයි, මිහිතලයේ ජීවය රැඳී තිබෙන්නේ..‘‘

යැයි ශ්‍රීමත් ජෝන් ඇටෙන්බරෝ එහිදී පවසයි.

‘‘සොබාදහමේ මේ බලවේගයන් විසින් අපේ පෘථිවිය පරිසමාප්ත  තැනක් බවට පත් කළා. නමුත් ඒක බිඳෙන සුලු පද්ධතික්. අද මෙයට අලුත් බලවේගයක් එක් වී.. අතිශය බලවත් සහ මිහිමත ජීවයට තර්ජනාත්මක වන….‘‘

‘‘මිනිස් ක්‍රියාකාරිත්වය දැන් අතිශයින්ම අධිපතිවාදීයි. අපේ මිහිතලය රැක ගන්නට නම් අප මේ දැන්ම ක්‍රියාත්මක විය යුතුයි..‘‘

ඔහු තවදුරටත් මෙසේ ද කියයි.

‘‘අප එය කරනවා නම්, පාරිසරික සමතුලිතතාවය නැවත ඇති කර ගන්නට අපට තවමත් වේලාව තිබෙනවා. අපේ මේ මිහිතලය නැවතත් පරිසමාප්ත  තැනක් බවට පත් කර ගත හැකියි..‘‘

මේ වාර්තා චිත්‍රපට මාලාව ලොව පුරා තිරගත වීම ලබන වර්ෂයේදී ආරම්භ වනු ඇත. ඉන්දියාවේ සිට බහමාස් දක්වා, හවායි හි ගිනිකඳුවල සිට ආක්ටික් කොදෙව්වේ හිම මිදුණු, අති දුරස්ථ එල්ස්මර් තුන්ද්‍රාව දක්වා පරිසර පද්ධතිවල සමතුලිතතාවය ගැන එයින් කතා කෙරෙනු ඇත.

පූර්ව ප්‍රචාරක පටය මෙතැනින් නරඹන්න..

[embedyt] https://www.youtube.com/watch?v=Puh62AhK6HE[/embedyt]

මූලාශ්‍රය
Independent : ‘Humans are so dominant they disrupt the forces of nature’: David Attenborough says we must act now to save our ‘perfect’ planet



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි