×

උතුරු එංගලන්තයේ සර්පයන් පිරවූ කොට්ට උර !

උතුරු එංගලන්තයේ සන්ඩර්ලන්ඩ් හි කුණු බක්කියකින් සර්පයන් පිරවූ කොට්ටඋර හමුවෙමින් පවතියි.


අද දිනයේ එවැනි තවත් කොට්ටඋරයක් සොයා ගනු ලැබුවේ ෆැරින්ටන් ගිනි නිවන මධ්‍යස්ථානය පිටුපස පිහිටා ඇති කසල රඳවනයේ තිබී ය.

සර්පයන් 16 දෙනෙක් එතුළ නිරුපද්‍රිතව සිටි බව පැවසේ.

මීට පෙර ද හරියටම මේ ස්ථානයෙන් මෙවැනිම සර්පයන් සහිත කොට්ටඋරයක් හමුවී තිබීම විශේෂත්වයකි.

මෙයට දින කිහිපයකට පෙර එම ස්ථානයෙන්ම හමුවූ සර්ප පොදිය – BBC

මෙම සර්පයන් අතර රෝයල් පයිතන් (royal python) වර්ගයේ සර්පයන් 13 දෙනෙකු ද සිට ඇත.

මේ සිදුවීම පිළිබඳ විශේෂ අවධානයකින් පසුවන්නේ සත්ව කෘෘරත්වය වැළැක්වීමේ රාජකීය සංගමය (oyal Society for the Prevention of Cruelty to Animals (RSPCA)) යි. ඔවුන් විසින් වහාම මෙම උරගයන් පශු වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කර ඇති අතර, මේ සතුන් සෞඛ්‍යමත් ලෙස පසුවන බව වෛද්‍යවරුන් විසින් දැනුම් දී ඇත.

සර්පයන් ‘චල තාපීන්‘ නිසා, අවට පරිසරයට අනුව සිය දේහ උෂ්ණත්වය වෙනස් කර ගැනීමේ අපූර්ව හැකියාව උන්ට ඇත. කොට්ටඋරයක් තුළ ගුලි වී ගත කළ අසීරු පැය කිහිපය තුළ උන් නොනැසී සිටින්නට ඇත්තේ ඒ නිසා බවට සැකයක් නැත.

සර්පයන් ආවේ කොහෙන්ද?

ගතවූ සති අන්තයේදී එක්සත් රාජධානිය දැඩි සුළං සහ වර්ෂාපතනයෙන් දැඩි සේ පීඩා වින්දේය. ඒ අනුව ප්‍රදේශ කිහිපයකින් ගං වතුර තත්වයන් ද වාර්තා විය.

සර්පයන්ගේ පරිවෘත්තිය ක්‍රියා අකර්මණ්‍ය වීමට විශාල වශයෙන් ශීත දේශගුණය බලපායි. උන් දැඩි ශීත කාලගුණයකට නිරාවරණය වුවහොත් උන්ට සාමාන්‍ය පරිදි කෑම සොයාගත නොහැකි වන බැවින් ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වී රෝග වලට ගොදුරු වේ.

කෙසේ නමුත් රෙදි පොට්ටනියක් මෙසේ ගුලි කර තැබීම නිසා උන් අවට උෂ්ණත්වය ඉහළ ගොස් තිබෙන්නට ඇති බවත්, එයින් උන් පරිවෘත්තීය වශයෙන් අකර්මණ්‍ය වීම වැළකෙන්නට ඇති බවත් සැලකේ.

කෙසේ නමුත් එක්සත් රාජධානි නීතියට අනුව සත්ව හිංසාවක් යටතට මේ සිදුවීම ගණන් ගැනෙන අතර, උන්ට කිසිදු තුවාළයක් හෝ සිදු නොකර, උන් 16 දෙනා බැගින් මෙසේ කොට්ටඋරවල තැන්පත් කරන, ඉන්පසු කුණු බක්කි තුළට ගෙනැවිත් දමන අපූරු අමුත්තා නම් තවම අබිරහසකි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි