×

එක මවකගෙ කිරි බී වැඩෙන සිංහ පැටව් සහ බලු පැටව්

සත්තු වත්තක සිංහ පැටව් - කොටි පැටව් ඉඳීම තේරුම් ගන්න පුළුවන්. නමුත් සත්තු වත්තක කොයින්ද බලු පැටව්? අනෙක චීනය වගේ බලු මස් රස කෑමක් විදිහට සලකන රටක?


කොහොම වුණත් චීනයේ බෙයිජිං සත්වෝද්‍යානයේ සිංහ පැටව් සහ කොටි පැටව් එක්ක බලු පැටවුනුත් සෙල්ලම් කරමින් හිටියා. ඒ ඡායාරූප පෙළක් පසුගියදා Getty Images විදිහට ලෝක මාධ්‍ය හරහා ප්‍රසිද්ධ වුණා. Abandoned tiger and lion cubs frolic with puppies at Beijing zoo

නරඹන්නන්ගේ සිත කුල්මත් කරන මේ දසුන නිසාම, මේ හුරතලයේ ‘ඇතුළත කතාව‘ (inside story) හොයන්න බොහෝ දෙනෙක් පෙළඹුණා.

ගෝල්ඩන් රිට්‍රීවර් වර්ගයට අයත් මේ බලු පැටවුන්, කිසිම භේදයක් නැතිව, කිසිම සැරවැර කමක් නැතිව සිංහ පැටවුන් සහ කොටි පැටවුන් සමග සෙල්ලම් කරමින් හිටියා. සයිබීරියානු ව්‍යාඝ්‍රයන්, සුදු ව්‍යාඝ්‍රයෙක්, තිත් සහිත හයිනාවෙක් වගේම අප්‍රිකානු සිංහයෙකුත් ඒ අතර හිටියා. මේ හැම පැටියෙක්ම තමන්ගේ මව් විසින් අත් හැර දමන ලද අය. එහෙමත් නැතිනම් මිනිස් සතා විසින් ඒ පැටවුන්ගේ අම්මලාව දඩයම් කිරීම නිසා මේ ලෝකයේ තනි වුණු අය. ඒ වගේම මේ හැමෝටම කිරි දෙන්නෙත් අර කිව්ව ගෝල්ඩන් රිට්‍රීවර් බලු පැටවුන්ගේ අම්මා.

Getty Images

Getty Images

Getty Images

Getty Images

Getty Images

Getty Images

Getty Images

Getty Images

Getty Images

Getty Images

 

චීනයේ බෙයිජිං සත්තු වත්ත අත්හැර දමන ලද විවිධ ජාතිවල සතුන්ව පොඩි කාලයේ පටන්ම හදා වඩා ගැනීම ගැන ප්‍රසිද්ධයි. ඒ සඳහා  ඔවුන් විවිධ විද්‍යාත්මක ක්‍රම අනුගමනය කරනවා. සිංහ කොටි විතරක් නෙවෙයි, වලස් පැටවුන්, කැන්ගරුවන් සහ බූරු පැටවුන් පවා මේ සත්වෝද්‍යානය විසින් සාර්ථක විදිහට හදා වඩාගෙන තිබෙනවා.

මේ සමග පළ වෙන ඡායාරූප ෆේස්බුක්, ට්විටර් වගේ සමාජ ජාල මාධ්‍ය ඔස්සේ දහස් වතාවක් දැනටමත් ෂෙයා වෙලා.

ඉතින් මේ දරුවො එක මවකගෙ කිරි බී, එකා වගේ සමගියෙන් හැදී වැඩෙනවා.

ඒ නිසා මේ කතාව ‘බලු කිරි බීම නිසා සිංහයා බලු වීමක්‘ කියල හිතන්න එපා. මොකද, මිනිස් ජාතියේ පොඩි දරුවන්ට වගේම සිංහ කොටි ජාතියේ වුණත්, පොඩි දරුවන්ටත් කිසිම ජාති භේදයක් නෑ. මිනිස් ජාතියටත් දෙන්න බැරිවුණු ආදර්ශයක් අපට බෙයිජිංවල සත්තු වත්තකින් ලැබෙන්නේ අන්න එහෙමයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි