×

මැතිව් පීරිස් නඩුව ලෝක සිනමාවට

ශ්‍රී ලංකාවේ මැතිව් පීරිස් පියනම, ඉන්සියුලින් යොදාගෙන තමන්ගේ භාර්යාව ඝාතනය කිරීමේ සිදුවීම ජාත්‍යන්තර සිනමා පටයකට නැගී තිබෙනවා. එය චන්ද්‍රන් රත්නම්ගේ චිත්‍රපටයක්.


එහි නම According to Mathew හෙවත් ‘මැතිව්ට අනුව‘. මේ සිනමා පටය 2018 නොවැම්බර් මාසයේදී තිරගත වීමට නියමිතයි.

1970 දශකයේදී කොළඹ සෙන් පෝල් දෙව්මැදුරේ දේවගැතිවරයා වූ මැතිව් පීරිස් පියතුමා, සමාජයීය වශයෙන් ඉතාම ජනප්‍රිය සහ සිවිල් බලයක් සහිත කෙනෙක්. ඔහු ප්‍රොතස්තන්ත ආගම ඇදහූ පියනමක්. ඔහුට සුරූපී කාන්තාවක් සමග අනියම් ඇසුරක් තිබුණා. චිත්‍රපටයේදී මේ කාන්තාවගේ චරිතය නිරූපණය කරන්නේ සුපිරි හින්දි නිළියක ලෙස නමක් තැබූ ශ්‍රී ලංකාවේ උපත ලද ජැකලීන් ෆර්ඩිනැන්ඩස් විසින්.

‘ෆාදර් මැතිව්‘ ලෙස ප්‍රකට මෙම පියතුමා තමන්ගේ සුරූපී අනියම් බිරිඳ සමග එක් වී තමන්ගේ භාර්යාව මෙන්ම අනියම් බිරිඳගේ සැමියා ද මරා දමනවා. එසේ කරන්නේ ක්‍රම ක්‍රමයෙන් ඉන්සියුලින් එන්නත්කිරීම මගින්. ඒ බව නඩුවේදී සනාථ වනවා. මිනීමැරුමට වරදකරු වී මැතිව් පීරිස් පියතුමා සිරගෙට යනවා. නමුත් ඔහු කිසිම දේකින් පසුබා යන කෙනෙක් නොවෙයි. ඔහු සිරගතව සිටියදී නීති උපාධිය හදාරා එයින් ඉහළින්ම සමත් වූ බවත් පොත පතෙහි සඳහන් වෙනවා.

මෙම චිත්‍රපටයට ප්‍රතිභාපූර්ණ ශ්‍රී ලාංකික නිළියක වන බිම්සරා ප්‍රේමරත්න ද රංගනයෙන් එක් වී සිටිනවා.

‘අකෝඩින් ටු මැතිව්‘ නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය චන්ද්‍රන් රත්නම් විසින්. සංගීතය විරංග ද පෙරේරා විසින්. මේ චිත්‍රපටය, අන්තර්ජාතික සිනමාවට උචිත වූ දේශීය නිෂ්පාදනයක් බව, මේ පූර්ව ප්‍රචාරක පටය මැනවින් පෙන්වා දෙනවා. දැනටමත් බොහෝ දෙනා, මෙය, අතිශය ප්‍රශංසනීය උත්සාහයක් ලෙස අර්ථ ගන්වා තිබෙනවා.

Starring – Jacqueline Fernandez, Alston Koch, Kian O’Grady, Bimsara Premaratna

Directed By – Chandran Rutnam

Produced By – Chandran Rutnam

Written By – Christie Eliezer & James Rutnam

Studio – Taprobane Pictures



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි