×

වයස 30 ට අඩු ප්‍රසිද්ධම ධනවතී- ඇඩේල් – Adele

බ්‍රිතාන්‍යයේ වයස අවුරුදු 30 ක් හෝ ඊට ට අඩු ප්‍රසිද්ධම පුද්ගලයන් අතරින් ධනවත්ම පුද්ගලයා බවට සුපිරි ගායිකා ඇඩේල් පත් වී ඇත.


 Adele named richest UK celebrity aged 30 or under

වාර්තාවන අන්දමට මේ වනවිට ඇගේ වත්කම පවුම් මිලියන 147 කි.

Heat magazine විසින් අනාවරණය කළ පරිදි ඇඩේල් විසින් ඇගේ ධනස්කන්ධය පසුගිය වර්ෂය තුළදී පවුම් මිලියන 15කින් වැඩිකර ගෙන තිබේ. ඒ ලොව පුරා පැවැත්වූ සංගීත සන්දර්ශනවලින් සහ ඇගේ ගීත පට අලෙවියෙන් ලැබෙන ආදායමෙනි.

ඇඩේල්, මෙම ලැයිස්තුවේ මුල් තැනට පත් වන්නේ තුන් වැනි වතාවට ය.

මෙම ලැයිස්තුවේ දෙවැනි තැන හිමිකරගෙන තිබෙන්නේ සුපිරි ගායක එඩ් ශීරන් (Ed Sheeran ) විසිනි. ඔහුගේ ධනවත්කම පවුම් මිලියන 94 කි.

Ed Sheeran

Ed Sheeran

හැරී පොටර් චරිතයට පණ පෙවූ ඩැනියෙල් රැඩ්ක්ලිෆ් (Harry Potter star Daniel Radcliffe) තවමත් ජනප්‍රියත්වයේ මෙන්ම ධනවත් බවේ ද හිණිපෙත්තේ සිටින බව පෙනී යන්නේ මේ ලැයිස්තුවේ 3 වන ස්ථානය ඔහුට හිමි වී ඇති බැවිනි. පසුගිය වසරේ ඔහුගේ වත්කම පවුම් මිලියන 87 ක් බව කියැවේ.

Daniel Radcliffe| The Times

Daniel Radcliffe| The Times

එමා වොට්සන් සහ ස්ටා වෝස් නළු ජෝන් බොයෙගා ද මෙම ලැයිස්තුවේ ඉදිරියෙන් සිටිති. ස්ටා වෝස් නළුවා මෙම ලැයිස්තුවට එක් වන්නේ ප්‍රථම වතාවට ය.

Emma Watson

Emma Watson

බ්‍රිතාන්‍යය තුළ තවමත් නොනැසෙන ජනප්‍රියත්වයක් රඳවාගෙන සිටිනා ‘වන් ඩිරෙක්ෂන්‘ (1D) සංගීත කණ්ඩායමේ හැරී ස්ටයිල්ස්ද මේ ලැයිස්තුවේ සිටියි. ඔහුගේ ධනවත්කම පවුම් මිලියන 58 කි.

Harry Styles

Harry Styles

මෙහි 30 වන තැනට පත් වී සිටින්නේ රියැලිටි තරුවක් වන ස්පෙන්සර් මැතිව්ස් (Spencer Matthews) ය. ඒ, පවුම් මිලියන 4.5 ක වත්කමක් සමගිනි.

සෑම වර්ෂයකම බ්‍රිතාන්‍යෙය් ධනවත්ම ප්‍රකට පුද්ගලයන් තෝරන Heat magazine විසින් ඔවුන් අතරින්, අන්තර්ජාතික වශයෙන් කීර්තියට පත් වූ ධනවත්ම පුද්ගලයා ද තෝරනු ලබයි. මෙවර එම ගෞරවය හිමි වී තිබනේනේ කයිලි ජෙනර් (Kylie Jenner) හට ය. ඇගේ වත්කම පවුම් මිලියන 688 කි.

සුපිරි ගායිකා අඩේල්ගේ ආදායම් වාර්තා තැබූ මෙම ගීතය YouTube හරහා පමණක් බිලියන 2.4 ක් දෙනා නරඹා තිබේ.

[embedyt] https://www.youtube.com/watch?v=YQHsXMglC9A[/embedyt]



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි