×

ත්‍රස්ත ක්‍රියා මැද ඇෆ්ගනිස්තානු ජනපති අපේක්ෂකයෝ කැළඹෙති

ඇෆ්ගනිස්ථාන ජනාධිපතිවරණය සඳහා වූ නිල මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේ පළමු දිනම සිදුවූ මෙම මරාගෙන මැරෙන ප්‍රහාරය එරට කාබුල් පක්ෂ සාමාජික හිටපු අමාත්‍ය අම්රුල්ලා සලේ ඉලක්ක කොට ගෙන සිදුවූවක් බව එරට මාධ්‍ය වාර්තා කරයි.


පසුගිය ඉරු දින (28) ඇෆ්ගනිස්ථානයේ පුද්ගලයින් 20 දෙනෙකුට මරු කැඳවමින් හා 50 කට අධික පිරිසකට තුවාල සිදුකරමින් ඇතිවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය හමුවේ එරට මීළඟ ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයින් වර්තමාන ජනපති අෂ්රෆ් ඝානි ට චෝදනා කර සිටියේ එහි වගකීම ගත යුතු බවයි.

ඇෆ්ගනිස්ථාන නිල මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේ පළමු දිනම සිදුවූ මෙම මරාගෙන මැරෙන ප්‍රහාරය එරට කාබුල් පක්ෂ සාමාජික හිටපු අමාත්‍ය අම්රුල්ලා සලේ ඉලක්ක කොට ගෙන සිදුවූවක් බව එරට මාධ්‍ය වාර්තා කරයි.

නේටෝ සංවිධානය පවසා සිටි පරිදි එම සිදුවීමෙන් ඇමරිකානු සොල්දාදුවන් දෙදෙනෙකු ද ජීවිතක්ෂයට පත්ව ඇත.

ඇෆ්ගනිස්ථානයේ පෙර පැවති ඡන්ද විමසීම් වලදී ද සිදුවූ මනුශ්‍ය ඝාතන, අන්තරායන්, ප්‍රචණ්ඩත්වය හා එරට දුර්වල ආරක්ෂාව පිළිබඳ යලි සිහි කැඳවීමක් ලෙස මෙම ප්‍රහාරය එල්ල වූ බවට මතවාද ජනමාධ්‍ය වල පැතිර යමින් පවතී.

තවද, මෙම ප්‍රහාරය ඇමරිකා එක්සත් ජනපදය මුහුණ පෑ දීර්ඝතම යුධ තත්ත්වය යලි සිහි කැඳවීමක් බවටද මතිමතාන්තර පැතිර යමින් පවතී.

රට තුළ උද්ගත වූ මෙම ප්‍රචණ්ඩකාරී වාතාවරණය තුළ ජනාධිපතිවරණය පවත්වන්නේ ද යන්න ගැටළුවක් පවා උද්ගත වී ඇති බවට වාර්තා වේ. එමෙන්ම, ඇමරිකාව හා තලෙයිබාන් අතර පවතින ගිවිසුම් හමුවේ මෙම මැතිවරණය පැවැත්වීම පිළිබඳව ද ගැටළු ඇති බවට එරට මාධ්‍ය වාර්තා කරයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි