×

ඇෆ්ගන් උප ජනපති දෙවන ඝාතන තැතත් වරදී.

උප ජනපති අබ්දුල් රෂීඩ් එරට මතභේදාත්මක දේශපාලන නායකයෙකි


ඇෆ්ගනිස්තථාන උප ජනපති අබ්දුල් රෂීඩ් ඩොස්ටම්ට ඔහුව ඝාතනය කිරීමට ගන්නා ලද උත්සහයෙන් දෙවන වරටද බේරීමට හැකිවී තිබේ.

උප ජනපතිවරයා ඝාතනය කිරීමට තැත් කිරීමේ වගකීම තලේබාන් සංවිධානය විසින් භාර ගෙන ඇති අතර මෙහිදී උප ජනපති ආරක්ෂකයෙකු මිය ගොස් ඇත.
මේ ඔහුව ඝාතනය කිරීමට උත්සහකළ දෙවන අවස්ථාවයි. පළමු අවස්ථාවේදී ඔහුව ඝාතනය කිරීම සදහා කාබූල් ගුවන් තොටුපලේදී එල්ල කළ ප්‍රහාරයෙන් පුද්ගලයින් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත් විය.

උප ජනපති අබ්දුල් රෂීඩ් එරට මතභේදාත්මක දේශපාලන නායකයෙකු වන අතර 2014 වසරේදී ඔහු ඇෆ්ගන් රජය හා සෘජුව එක්විය. 2001 වසරේ දී තලේබාන් කැරලි කණ්ඩායම් එළවා දැමීමට ඇමරිකානු හමුදාවට සහය ලබා දුන් ඔහු මේ සම්බන්ධව විවේචන වලටද ලක්විය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි