×

ඇය මගේ ලෝකයට ආ පසු හැම දෙයක්ම දෙවැනි වුණා! – අයිශ්වර්යා රායි දියණිය සමග සම්මාන වේදිකාවේ

සුරූපී නිළිය අයිශ්වර්යා රායි බච්චන්ගේ ජීවිතයේ අරමුණ බවට දැන් පත්ව තිබෙන්නේ ඇගේ දියණියයි.


සුරූපී බොලිවුඩ් නිළි සහ හිටපු ලෝක රූ රැජිනක් වන අයිශ්වර්යා රායි, ඉන්දියාවේ Women In Film and Television (WIFT) සම්මාන උළෙලේදී මෙරිල් ස්ට්‍රීප් සම්මානය (Meryl Streep Award for Excellence) දිනාගත්තාය.

එම සම්මානය ලබාගැනීම සඳහා ඇය වේදිකාවට ගොඩ වුණේ ඇගේ සුන්දර දියණිය ආරාධ්‍යා ද කැටුව ය.

44 හැවිරිදි මේ සුන්දර නිළිය මෙවර සම්මාන ප්‍රදානෝත්සවයට පැමිණ සිටියේ දියණිය සහ සිය මව සමග ය. එහිදී ඔවුන් විසින් ඡායාරූප ගණනාවක් ද ඉන්ස්ටග්‍රෑම් හරහා අන්තර්ජාලයට මුසු කර තිබිණි.

Instergram

Instergram

Instergram

Instergram

මෙම ඡායාරූප සමග අයිශ්වර්යා සහ දියණිය අතර ඇති විශේෂ බැඳීම මාධ්‍යවල අවධානය දිනාගෙන තිබේ. ඇය ඇතැම් ඡායාරූපයක සඳහන් කර තිබුනේ ‘‘ඔබ මාව සම්පූර්ණ කළා. දිව්‍යමය, ප්‍රමෝදමත්, අත්‍යන්ත ආදරය‘ යනුවෙනි. “You my Aaradhya complete me. Divine Blissful Eternal love.”

මේ වසරේ මුල IANS පුවත්සේවයට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් අයිශ්වර්යා රායි බච්චන් කියා සිටියේ, දියණිය උපන් විට ඇගේ ජීවිතයේ සියලු ප්‍රමුඛතා වෙනස් වු බවයි. සෙසු සියල්ලට දැන් හිමිවන්නේ දෙවැනි තැන යැයි ඇය කියා තිබිණි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි