අජිත් වඩේකාර් නාමය ඉන්දීය ක්‍රිකට් ලොවේ අමරණීය නාමයකි.
1971 වසරේදී එංගලන්ත සහ බටහිර ඉන්දීය කොදෙව් පිල්, එම රටවල්වලදී ම පැරදවූ හෙයින් ඉන්දියාව විසින් අජිත් වඩේකාර් හඳුන්වන්නේ ‘එතෙරදී තරග ජයගන්නා හැටි කියාදුන් ක්‍රිකට් නායකයා‘ යනුවෙනි.
Jammu Links News
විශේෂයෙන්ම ඒ යුගයේ එංගලන්ත ක්‍රිකට් පිල සමන්විත වූයේ ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස්, ක්ලයිව් ලොයිඩ් සහ රෝයි ෆෙඩ්රික්ස් වැනි අසහාය දැවැන්තයන්ගෙනි.
Indian cricketer Sachin Tendulkar (L) is presented with a citation by former cricket captain Ajit Wadekar AFPHOTO/Sebastian D’SOUZA / AFP PHOTO / SEBASTIAN D’SOUZA
ඉන්දියාවේ එදා මෙදාතුර බිහි වූ ශ්‍රේෂ්ඨතම ක්‍රිකට් ක්‍රීඩකයන් ලෙස සැලකෙන සුනිල් ගවාස්කර්, ගුන්ඩාප්පා විශ්වන්ත්ත්, එස්. වෙන්කත් රාඝවන් සහ බී.එස්. බේදි යන ක්‍රීඩකයන් අජිත් වඩේකාර්ගේ මග පෙන්වීම යටතේ ක්‍රිකට් ක්ෂේත්‍රයට පිවිසුණු අය ය. වරක් සුනිල් ගවාස්කර් පැවසුවේ, ඉන්දියානු ක්‍රිකට් ඉතිහාසයේ බිහිවූ ශ්‍රේෂ්ඨතම නායකයා අජිත් වඩේකාර් බව ය.
අජිත් වඩේකාර් 1971 ඉන්දියානු කණ්ඩායම සමග | The Quint
වමත් පිතිකරුවෙකු වන අජිත් වඩේකාර් 1971 වසරේ ඕවල් ක්‍රීඩාංගනයේදී ඉන්දියාව එංගලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව ජයග්‍රහණය කරා ගෙන ගියේය. සිය ටෙස්ට් ක්‍රිකට් දිවිය තුළ ලකුණු 2113 ක් වාර්තා කළ අජිත් වඩේකාර්, 1966 සහ 1974 කාලය තුළ ටෙස්ට් තරග 37කට සහභාගි විය. පසුව ඔහු ඉන්දීය ක්‍රිකට් පුහුණුකරු, කණ්ඩායම් කළමනාකරු සහ ඉන්දීය ක්‍රීඩකයන්ගේ තේරීම් කමිටුවේ ද සේවය කළේය. ඔහුට පෙර මේ අවස්ථාව ලබාගෙන තිබෙන්නේ ලාලා අමරනාත් සහ චන්දු බෝර්දේ පමණි.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ ට්විටර් පණිවුඩය
‘‘ඔහු අපේ කණ්ඩායම අපේ ක්‍රිකට් ඉතිහාසයේ වඩාත්ම අමතක නොවන ජයග්‍රහණ කරා මෙහෙයවූවා“ යැයි අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදි, ට්විටර් පණිවුඩයක් නිකුත් කිරීමෙන් කියා සිටියේය.
වත්මන් ඉන්දීය ක්‍රිකට් පුහුණුකරු රවී ශාස්ත්‍රී කියා තිබෙන්නේ අජිත් වඩේකාර්ගේ සමුගැනීම ‘ඉන්දීය ක්‍රිකට් ක්ෂේත්‍රයේ දුක්බර නිමේෂයක්‘ වන බවයි.
රවී ශාස්ත්‍රිගේ ට්විටර් පණිවුඩය
දීර්ඝ කාලයක් රෝගාතුරව සිටි අජිත් වඩේකාර්, ඊයේ මෙලොවින් සමුගෙන ගියේ මුම්බාය නගරයේදී ය.